Last Update  :  2025-07-29 20:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මැරතන් ශූරයා කුමාර් - ශූරිය වත්සලා

මැරතන් ශූරයා කුමාර් - ශූරිය වත්සලා

editorial - 2025 ජුලි මස 20 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

හික්කඩුවේදී පැවැති 49 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ මැරතන් (පිරිමි) ඉසව්වේ රන් පදක්කම මධ්‍යම පළාතේ කුමාර් ෂමුගේශ්වරන් විසින්ද එහි කාන්තා රන් පදක්කම වත්සලා හේරත් විසින්ද දිනා ගන්නා ලදී. වත්සලා ගියවර ක්‍රීඩා උළෙලේදීත් කාන්තා ඉසව්වේ ජයග්‍රාහිකාවයි.

හිදීම පැවැති පාපැදි (රේසින් - පිරිමි) ඉසව්වේ රන් පදක්කම දිනා ගත්තේ තරගකරුවන් 72 දෙනෙකු අතරින් බස්නාහිර පළාතේ ඩී.එස්.සී. ජයසිංහ විසිනි. කිලෝමීටර 163.4 ක් තරම් දීර්ඝතම දුරක් සහිත එක් දින පාපැදි තරගයක් බවට මෙවර පිරිමි ඉසව්ව පත්වීමේදී ගුවන් හමුදා පාපැදි ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයෙකු වන ජයසිංහ ඒ සදහා ගත් කාලය පැය 4 විනාඩි 07 තත්පර 01 කි.

කිලෝමීටර 55.3 ක දුරක් ගෙවා අවසන් කළ පාපැදි (කාන්තා - රේසින්)  තරගයේ රන් පදක්කම මෙවර දිනා ගත්තේ පළපුරුදු පාපැදි ශූරියක් වන බස්නාහිර පළාත නියෝජනය කරමින් තරග වැදුණු ඈන් ෂෙනාලී පෙරේරා විසිනි. ඒ තරගකාරියන් 27 දෙනෙකු අතරින් පැය 1 විනාඩි 46.00 ක කාලයකට පොකුරකින් මිදී දිනුම් කණුවට ළගා වෙමිනි.

ඊයේ (20) හික්කඩුවේදී නිමාවට පත්වූ මෙවර ක්‍රීඩා උළෙලේ ඇවිදීම  (කාන්තා) ඉසව්වේ රන් පදක්කම දිනා ගත් ජයග්‍රාහිකාව වූයේ දකුණු පළාතේ හෂිනී ලක්ෂානිය. ඌව පළාතෙන් තරග වැදුණු ආර්.එම්.රුක්මාල් මෙවර ඇවිදීම (පිරිමි) ඉසව්වේ ශූරියයි.

මැරතන් තරගාවලියේ පිරිමි ඉසව්වේ රන් රිදී හා ලෝකඩ පදක්කම් දිනා ගත් ක්‍රීඩකයන් තිදෙනා හැරෙන්නට එහි කාන්තා ඉසව්වේ රන් හා රිදී පදක්කම් දිනා ගත් ක්‍රීඩිකාවන් හා ඉසව්වේ සිව් වැනි හා පස් වැනි ස්ථාන අත් කර ගත් එම සියළු ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ පෞද්ගලික පුහුණුකරු ලෙස කටයුතු කරන්නේ මෙරට ජාතික මැරතන් ශූරයන් හා ශූරියන් රැසක් බිහි කළ මේ වන විට ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ ප්‍රධාන අධ්‍යක්ෂ ධූරය දරන සජිත් ජයලාල් මහතාය.

හික්කඩුවේදී පැවැති 49 වැනි ජාතික මහ ක්‍රීඩා උළෙලේ ඉහත සියළු ඉසව් සදහා පළාත් වලින් නිර්දේශ ළත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගිත්වයේ අඩුවක් දක්නට ලැබුණි. මැරතන් හා පාපැදි යන ඉසව් වලදී එම තත්වය කැපී පෙණුනි.

නෙස්ටමෝල්ට් සන්නාමය යටතේ අනුග්‍රාහය දක්වමින් නෙස්ලේ ලංකා සමාගම විසින් ඉසව්හි 10 වැනි ස්ථානය දක්වා රුපියල් 50,000 සිට ත්‍යාග මුදල් ප්‍රදානය කෙරුණි.

 

කාන්තා මැරතන් තරග ප්‍රතිපල
1. වත්සලා හේරත් (මධ්‍යම  - පැය 2 විනාඩි 53.42), 2. මධුෂානී හේරත්  (මධ්‍යම - 3.00.21), 3. නිමේෂා නිදර්ෂනී (ඌව - 3.02.32), 4 චමිලා සිරිවර්ධන (ඌව - 3.06.38), 5. පී.ජී.එන්.ඩී. සිරිවර්ධන (ඌව - 3.06.38)

පිරිමි මැරතන් තරග ප්‍රතිපල 
1. කුමාර් ෂමුගේශ්වරන් (මධ්‍යම  - පැය 2 විනාඩි 24 තත්පර 43), 2. ඊ. ඒ. සී. චන්දන (ඌව - 2.25.18), 3. ටී.ඩබ්ලිව්. රත්නපාල (නැගෙනහිර - 2.30.46) 4. ඩබ්ලිව්.වී. මධුරංග (ඌව - 2.31.25) 5. ආර්.ඒ.පී.ඩී.අරුණසිරි (උතුරු මැද - 2.32.11)

ඇවිදීම (කාන්තා) තරග ප්‍රතිඵල 
1 හෂිනී ලක්ෂානී (දකුණ - පැය 1 විනාඩි 49 තත්පර 25), 2. කල්හාරී මධුරිකා (දකුණ -1.51.08), 3. පී.බී. ගයානී (දකුණ - 1.52.30), 4.මල්ෂී චතුරානී (ඌව - 2.00.49) 5. කේ.ජී.ජී.එස්. අබේතිස්ස (මධ්‍යම - 2.07.39)

ඇවිදීම (පිරිමි) තරග ප්‍රතිඵල 
1. ආර්.එම්.ඩී.රුක්මාල් (ඌව - පැය 1 විනාඩි 38 තත්පර 34), 2. ඉමන්ත සහන් ( දකුණ - 1.39.34), 3 ඩී.එම්.ටී.එස්.එස්. දුනූකාර (උතුරු මැද - 1.39.22), 4. එච්. එම්.එස්.ආර්. හේරත් (උතුරු මැද - 1.42.50) 5. පී. එච්.එස්.එල්. ප්‍රනාන්දු (වයඹ - 1.43.48)

★ පාපැදි තරග ප්‍රතිඵල (පිරිමි  - කිලෝමීටර 163.4)
1. ඩී. එස්.සී. ජයසිංහ (බස්නාහිර - පැය 4 විනාඩි 07.01), 2 පැතුම් සදරුවන් වීරසිංහ (උතුරු මැද - 4.07.01) 3. එස් එම්.කේ. සන්ජුල (උතුරු මැද - 4. 08.04), 4. ඒ.පි.ඩී.එස්. පෙරේරා ( බස්නාහිර - 4.08.04), 5. සුරේෂ් ප්‍රසංග (දකුණ - 4.09.00)

★ පාපැදි තරග ප්‍රතිඵල (කාන්තා  - කිලෝමීටර 55.3)
1. ඈන් ෂෙනාලී පෙරේරා  (බස්නාහිර - පැය 1 විනාඩි 46.00), 2. ආකාෂා සදමිණී (බස්නාහිර - 1.46.00), 3. පන්චලී සුලෝචනා (බස්නාහිර - 1.46.00), 4. ඒ.එම්.ඩී. දිල්රුක්ෂි (වයඹ - 1.46.00), 5. පී.ඒ.එස්. ප්‍රියදර්ශනී (වයඹ - 1.46.00)


අදහස් (0)

මැරතන් ශූරයා කුමාර් - ශූරිය වත්සලා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.