Last Update  :  2024-05-03 20:36:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics නදීෂාගෙන් රන් පදක්කමක්

නදීෂාගෙන් රන් පදක්කමක්

editorial - 2023 ජුලි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

තායිලන්තයේ ‘පතායා’ නුවරදී පැවැත්වෙන 24 වැනි ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකා නදීෂා රාමනායක මීටර 400 (කාන්තා) ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ගැනීමට අද (13) සමත් වූවාය.

එහිදී තත්පර 52.61 ක දක්ෂතාවක් දක්වමින් ඇය හා ඉසව්වේ තරග වැදුණු රටවල් පහක ක්‍රීඩිකාවන් හත් දෙනෙකු පරාජය කිරීමට සමත් වූ අතර 29 හැවිරිදී මෙම ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වසර 14කට පසුව ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියක දී ශ්‍රී ලංකාව රන් පදක්කමක් දිනා දීමට සමත්වීම කැපී පෙනේ. 

වසර 2000දී ජකර්තා නුවර දී පැවැති ආසියානු ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ දී මීටර් 400 (කාන්තා) ඉසව්වෙන් නව ආසියානු වාර්තාවක් පිහිටුවමින් අවසන් වරට එම ඉසව්වෙන් රන් පදක්කමක් දිනා ශ්‍රී ලාංකික ක්‍රීඩිකාව වන්නේ ආසියාවේ නව වෙළඹ ලෙස එකල විරුදාවලිය ලත් කේ.පී. දමයන්ති දර්ශා ඒ තත්පර 51.5කටය.

ඇගේ එම ආසියානු තරග වාර්තාව මේ දක්වා බිඳ වැටී නැත. ලබන ඉරිදා (16) දක්වා පැවැත්වෙන මෙවර ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියට රටවල් 43ක් සහභාගි වී සිටී. 

රන් පදක්කමක් ඊයේ දිනු නදීෂා, වීරකැටිය රාජපක්ෂ මැදි මහ විදුහලේ ආදි ශිෂ්‍යාවකි. මෙම තරගයේදී ඇය වාර්තා කළ කාලය ඇගේ පෞද්ගලික හොඳම කාලයද වේ. නදීෂාගේ පුහුණුකරු ඩබ්ලිව්. ජී.එම්. තුෂාර මහතා ද මෙම තරග සංචාරයට එක්ව සිටියි. 


අදහස් (0)

නදීෂාගෙන් රන් පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.