Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics තහනමින් මිදුණු හිමාෂ යළිත් වාර්තා පොතට

තහනමින් මිදුණු හිමාෂ යළිත් වාර්තා පොතට

සංජය එරමුදුගොඩ - 2013 සැප් මස 08 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

සුගතදාස පිටියේ දී අද (8 වැනිදා) නිමාව දුටු ශ්‍රීමත් ජෝන් ටාබට් පාසල් මලල ක‍්‍රීඩා ශූරතාවලියේ දී නව වාර්තා පිහිටු වූ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් අතරින් 20 න් පහළ මීටර 100 ඉසව්ව ජයගත් හිමාෂ ඒෂාන් විසින් වර 5 ක් පැරණි වාර්තාවක් බිඳ දමන ලදි.

තත්ත්පර 10.69 කින් මීටර 100 ඉසව්ව ජයගත් හිමාෂ විසින් බිඳ දමන ලද්දේ වසර 2008 දී ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ක‍්‍රීඩකයෙකු වූ ෂෙහාන් අඹේපිටිය විසින් පිහිටුවන ලද වාර්තාවයි. හිමාෂ ඒෂාන් කළුතර විද්‍යාලයේ කී‍්‍රඩකයෙකි.

හිමාෂ තහනම් උත්තේජක ගැනීමට වරදකරු වීම නිසා තරග තහනමකට ලක්ව සිටි එෂාන් තහනමින් පසුව තරග කළ පළමු අවස්ථාව මෙයයි.

ක‍්‍රීඩකයෙකි. මීට දින කීපයකට ඉහත නාවලපිටිය ජයතිලක ක‍්‍රීඩාංගණයේදී (තණකොළ සහිත ධාවන පථයක) පැවැති ජාතික කී‍්‍රඩා උළෙලේ වේගවත්ම කී‍්‍රඩකයා බවට පත්වූ පී. ඒ. සී. නදීශාන්ගේ මීටර් 100 තරග නිමි කාලය වූයේ තත්ත්පර 10.96 කි.

මීටර 100 ඉසව්ව තත්ත්පර 10.29 කින් නිමකරමින් එහි ශී‍්‍ර ලංකා වාර්තාව සතුකරගත් චින්තක ද සොයිසා වසර 14ක් තිස්සේ ඊට හිමිකම් කියයි.

 

නව තරග වාර්තා

 

  • වයස 20 න් පහළ (බාලක) - මීටර 100

හිමාෂ ඒෂාන් - මීටර 10.69 (කළුතර විද්‍යාලය)

  • වයස 20න් පහළ බාලක - මීටර 400 කඩුලූ පැන දිවීම

ළහිරු ප‍්‍රසන්නජිත් - තත්. 53.77 (හොරණ තක්ෂිලා විදුහල)

  • වයස 18න් පහළ (බාලක) - යගුලිය විසිකිරීම

කුෂාන්ත සහීක - මීටර 15.18 (ශාන්ත පීතර විදුහල)

  • වයස 18න් පහළ (බාලිකා) - මීටර 200

එම්. ආර්. බී. ආර්. රත්නායක - තත් 25.27

  • වයස 18න් පහළ බාලිකා - තුන් පිම්ම

විදුෂා ලක්මාලි - මීටර 11.82 (මීගමුව නිවුස්ටඞ් බාලිකා විදුහල)

  • වයස 18 න් පහළ බාලක - මීටර් 400 කඩුලූ පැන දිවීම

හර්ෂ චතුරංග - තත්. 53.35 (ශාන්ත පීතර විදුහල)

  • වයස 16න් පහළ බාලිකා - තුන් පිම්ම

චතුරි විජේසූරිය - මීටර් 11.75 (කුලියාපිටිය මැදි විදුහල)

 

- 223

 


අදහස් (2)

තහනමින් මිදුණු හිමාෂ යළිත් වාර්තා පොතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.