Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ගාල්ලේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෝෂණ මල්ලක්

ගාල්ලේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෝෂණ මල්ලක්

editorial - 2021 ජුනි මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත)

කොවිඩ් -19 ව්‍යසනය නිසා අසරණව සිටින ගාලු දිසාවේ මලල ක්‍රීඩකයින්ට නොමිලයේ පෝෂණ මල්ලක් ලබාදීමට ගාලු දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමය පියවර ගෙන ඇත.

එම සංගමයේ සභාපති දකුණු පළාත් සභා මන්ත්‍රී චානක මාදුගොඩ හා ලේකම් දකුණු පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රවීණ මලල ක්‍රීඩා පුහුණුකරු සුජිත් සුල්තානාගොඩ යන මහත්වරුන්ගේ අදහස් අනුව මේ සත් ක්‍රියාව ගාලු දිසාවේ මලල ක්‍රීඩකයින් වෙනුවෙන් සිදු කෙරේ.

එම වැඩසටහන දියත් කිරීම සදහා අවශ්‍ය කටයුතු මේ වනවිට ආරම්භ කර තිබෙන අතර ඒ අනුව ගාලු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 19 න් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හඳුනා ගැනීම සිදු කෙරේ. මේ සදහා අවශ්‍ය ප්‍රතිපාදන ගාලු දිස්ත්‍රික් මලල ක්‍රීඩා සංගමයේ සභාපති,දකුණු පළාත් සභා මන්ත්‍රී චානක මාදුගොඩ මහතා විසින් දරනු ලබන අතර එක ක්‍රීඩකයෙකු වෙනුවෙන් වැය කිරීමට අපේක්ෂිත මුදල රුපියල් 5000 කි.

 2021 ජුනි මාසයේ අවසාන සතියේ මේ පෝෂණ මලු බෙදාදීම කෙරෙන අතර සෑම ක්‍රීඩකයෙකුගේ නිසවටම ගොස් එය ලබාදීමට සැලසුම් කර තිබේ.


අදහස් (0)

ගාල්ලේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පෝෂණ මල්ලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.