Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ගයන්තිකාට ජපානයේදී ජයග්‍රහණ දෙකක්

ගයන්තිකාට ජපානයේදී ජයග්‍රහණ දෙකක්

editorial - 2023 මැයි මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A



(නාමල් පතිරගේ)

ජපානයේ තරග සංචාරයකට සහභාගිවී සිටින ශ්‍රී ලංකා මැදිදුර ධාවන ශූරි ගයන්තිකා අබේරත්න මීටර 800(කාන්තා) ඉසව්වේ සිය දෙවැනි ජයග්‍රහණය වාර්තා කිරිමට ඊයේ (6) සමත් වුවාය. ඔසාකා නුවරදී පැවැති 10 වැනි කිනාමි  මිචිටාකා අනුස්මරණ  තෙවැනි කාණ්ඩයේ  තරගාවලියේදී ඇය විනාඩි 2 තත්පර 4.26 කට තරගය නිම කරමින් පළමු ස්ථානය ලැබුවාය.

මෙවැනිම තරාගවලියක් වූ බදාදා (3 වැනිදා) පැවැති අතර එහිදී මීටර 800 කාන්තා ඉසව්ව විනාඩි 2 තත්පර 4.35 කින් ජය ගැනිමට ගයන්තිකා සමත් වුවාය.

ආසියානු කලාපයේ රිදි හා ලෝකඩ පදක්කම් ලාභිනියක් වන 36 හැවිරිදි ගයන්තිකා අබේරත්නගේ මෙම ඉසව්වේ මෙතෙක් හොඳම දක්ෂතාවය විනාඩි 2 තත්ත්පර 1.20 ක් වන අතර එය වසර 2022 බර්මින්හැම් නුවරදී දැක්වූ දක්ෂතාවකි.  ගයන්තිකා මීටර් 400 හා මීටර 1500 යන කාන්තා ඉසව්වලදීද දක්ෂතා දැක්වන ක්‍රීඩිකාවකි.

මේ අතර ඔසාකා තරගාවලියේදී ශ්‍රී ලංකාවේ මීටර 400 ධාවක අරුණ දර්ශන අබේකෝන් තත්පර 45.49කට එම ඉසව්වේ හොඳම දක්ෂතාවය වාර්තා කරමින් දෙවැනි ස්ථානයට පත්විය.
ජපාන ක්‍රීඩක තකජිටා තත්ත්පර 43.39 කට තරගය නිම කරමින් එහි ජයග්‍රහණය ලැබිය.
 අරුණ දර්ශන අබේකෝන් බදාදා (3) ජපානයේදී පැවැති ෂිසුමිකා තරගාවලියේදී තත්පර 45.59 කට තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය.

ශ්‍රී ලාංකික බාධක දිවිමේ ක්‍රීඩිකා (මීටර 3000-බාධක) නිලානි රත්නායක සිව් වැනි ස්ථානයට පත් වුයේ  විනාඩි 10 තත්පර 2.90කටය.

ජපානයේ පැවැත්වෙන මහද්විපික මලල ක්‍රීඩා තරග මා කීපයකට සහභාගිවීමට ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් උනන්දු වී සිටින්නේ හංගේරියාවේ බුඩාපේස්ට් නුවරදී පැවැත්වෙන ලෝක මල්ල ක්‍රීඩා ශූරතාවලිය ඇතුළු ආසියානු ශූරතා හා ආසියානු ක්‍රීඩා සඳහා පරිසාධන මට්ටම් කරා ළඟාවීමේ බලාපොරොත්තුවෙනි.

 


අදහස් (0)

ගයන්තිකාට ජපානයේදී ජයග්‍රහණ දෙකක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.