Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics කනිෂ්ඨ මලල ක්‍රීඩා අයැදුම්පත් කැඳවයි

කනිෂ්ඨ මලල ක්‍රීඩා අයැදුම්පත් කැඳවයි

editorial - 2021 ජුලි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෙන්යාවේදී ලබන අගෝස්තු මාසයේදී පැවැත්වීමට අපේක්ෂිත ලෝක කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලිය ඉලක්ක කරමින් වයස 21න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහභාගි විය හැකි මලල ක්‍රීඩා තේරීම් තරගාවලියක් සඳහා මෙම 15 වැනිදා දක්වා අයැදුම්පත් කැඳවේ.

ඉසව් 10කට පමණක් සීමා කරමින් මෙම තේරීම් තරගාවලිය මෙම 25 වැනිදා සුගතදාස පිටියේදී පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය  තීරණය කර තිබේ.

 ඒ සඳහා අයැදුම් කළ හැකි අවම තරග පරිසාදන මට්ටම් ද ප්‍රකාශයට පත්කර තිබේ.

තරග අයැදුම්පත් සිය දක්ෂතා සනාථ කෙරෙන ලේඛන ද සහිතව කනිෂ්ඨ තේරීම් තරග, ලේකම්, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා, අංක 33, ටොරින්ටන් පෙදෙස, කොළඹ 7 යන ලිපිනයට යොමුකළ යුතුය.

කෙන්යාවේදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා කනිෂ්ඨ තරගාවලිය සඳහා මේ වනවිටත් ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව් දෙනකු නිර්දේශ ලබා තිබේ.

- 223

 


අදහස් (0)

කනිෂ්ඨ මලල ක්‍රීඩා අයැදුම්පත් කැඳවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.