Last Update  :  2025-09-10 13:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ඇවිදීමේ තරග ජූලි 2 දා

ඇවිදීමේ තරග ජූලි 2 දා

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ක‍්‍රීඩා අමාත්‍යංශය සංවිධානය කරන 42 වැනි ජාතික ක‍්‍රීඩා උළෙලේ ඇවිදීමේ තරගාවලිය (පිරිමි/කාන්තා) ජුලි මස 2 වැනිදා කොළඹදී පැවැත්වීමට නියමිතය.

 කොළඹ පාර්ලිමේන්තු ක‍්‍රීඩාංගණ පරිශ‍්‍රය කේන්ද්‍රකර ගනිමින් මෙම තරග පැවැත්වීමට අදහස් කර ඇතැයි ක‍්‍රීඩා අධ්‍යක්ෂ අයි. පී. විජේරත්න මහතා ‘ලංකාදීපයට’ පැවසීය.

පිරිමි තරගය සඳහා ක‍්‍රීඩා උළෙලට ඇතුළත් පළාත් නවයෙන් පළාතකින් ක‍්‍රීඩකයන් 10 දෙනා බැගින් ක‍්‍රීඩකයෝ 90 දෙනෙක් ද, කාන්තා තරගය සඳහා පළාතකින් ක‍්‍රීඩිකාවන් 6 දෙනකු බැගින් ක‍්‍රීඩිකාවෝ 54 දෙනෙක් සහභාගි වෙති.

ජාතික මහා ක‍්‍රීඩා උළෙලට ඇතුළත් රට හරහා දිවීමේ තරගාවලිය පසුගියදා නුවරඑළිය තුරඟ තරග පිටියේදී පැවැත්විණ.

මෙම වසරේ පැවැත්වෙන ජාතික මහා ක‍්‍රීඩා උළෙල සැප්තැම්බර් මස 3 වැනිදා සිට 11 වැනිදා දක්වා යාපනයේ දොරේඅප්පා ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

 


අදහස් (0)

ඇවිදීමේ තරග ජූලි 2 දා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.