Last Update  :  2024-05-06 19:12:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ආසියානු යොවුන් පදක්කම් දිනා එති

ආසියානු යොවුන් පදක්කම් දිනා එති

editorial - 2023 මැයි මස 02 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කටුනායක ටී.කේ.ජී.කපිල)

උස්බෙකිස්තානයේ, ටෂ්කන්ට් නුවර පැවති 05 වන ආසියානු වයස අවුරුදු 18 න් පහළ යොවුන් මළළ ක්‍රීඩා තරගාවලියේ දී පදක්කම් දිනාගත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවෝ අද (02 වැනිදා) අලුයම ශ්‍රී ලංකාවට පැමිණියහ. මෙම තරගාවලිය ආසියාතික රටවල් 43 ක ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ සහභාගීත්වයෙන් උස්බෙකිස්තානයේ ටෂ්කන්ට් නුවර දී පැවැත්විණ.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් 07 කු අතරින් 04 දෙනෙකුම පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.

දික්වැල්ල විජිත මහා විද්‍යාලයේ නිලුපුල් පැහැසර තේනුජ (උස පැනීම) සහ මීගමුව මාරිස්ටෙලා විද්‍යාලයේ තුෂේන් සිල්වා (රිටි පැනීම) යන ඉසව්වෙන් රිදී පදක්කම් දිනා ගත්හ. නාවලපිටිය , අඹගමුව මහා විද්‍යාලයේ අයෝමාල් අකලංක (මීටර් 400 කඩුලු පැන දිවීම) සහ ගම්පොළ වික්‍රමබාහු මහා විද්‍යාලයේ කසුනි වික්‍රමසිංහ (මීටර් 800)  ලෝකඩ පදක්කම් දිනා ගත්හ.

මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා මළළ ක්‍රීඩා ආයතනයේ උප ලේකම් පාලිත ජයතිලක, උප සභාපති ලාල් චන්ද්‍රකුමාර, භාණ්ඩාගාරික එම්.කේ.ඩබ්ලිව්.එස්.ද සිල්වා , ක්‍රීඩා අමාත්‍යාංශයේ නියෝජිත ගාමිණී කොස්තා යන මහත්වරුන් සහ ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දෙමාපියන් විශාල පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ .

ජායාරූපය (වමේ සිට දකුණට)
නිලුපුල් පැහැසර, අයෝමාල් අකලංක, තුෂේන් සිල්වා සහ කසුනි වික්‍රමසිංහ.

 


අදහස් (0)

ආසියානු යොවුන් පදක්කම් දිනා එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.