Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ආසියානු ක්‍රීඩා උළෙලට ප්‍රමුඛතාවය ලබාදෙමින් 2022 වසර සඳහා ජාතික පුහුණු සංචිත ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය සැරසේ. එම වසරේදීම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල යෙදී තිබුණත් ශ්‍රී ලංකාවේ පදක්කම් දිනා ගැනීමේ ප්‍රමුඛතාවය හිමි වන්නේ ආසියානු ක්‍රීඩා උළෙලට බැවින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීප දෙනකුට පමණක් සීමා කිරීමට එහිදී සැලසුම් කෙරේ.
වසර 2022 ට නියමිත පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ජූලි 28 සිට අගෝස්තු 2 වැනිදා දක්වා එංගලන්තයේ බර්මින්හැම් නුවර දී පැවැත්වේ.
චීනයේ ගුවැන්ෂු නුවර දී ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන්නේ සැප්තැම්බර් 10 සිට 25 වැනිදා දක්වාය. ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ සහභාගිත්වය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 20 කටත් වැඩි ගණනකට පුළුල් වනු ඇතැයි වාර්තාවේ. ඊට හේතුව ශ්‍රී ලංකාව ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහාය දිවීමේ කාන්තා හා පිරිමි කණ්ඩායම් ද සහභාගි කිරීමට අපේක්ෂාවෙන් පසුවීමය. අවසන් වරට 2018 ජකාර්තා නුවරදී පැවැති ආසියානු ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමේ සහභාගිත්වය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 12 දෙනකුගෙන් සමන්විත විය.
ශ්‍රී ලංකාව අවසන් වරට ආසියානු ක්‍රීඩා උළෙලකදී මලල ක්‍රීඩා පදක්කමක් දිනා ඇත්තේ 2006 පැවැති කටාර් ආසියානු ක්‍රීඩා උළෙලේදීය. එහිදී සුසන්තිකා ජයසිංහ මීටර් 100 (කාන්තා) ඉසව්ව සඳහා රිදී පදක්කමක් ද හා මීටර් 200 (කාන්තා) ඉසව්ව සඳහා ලෝකඩ පදක්කමක්ද දිනා ගත්තාය. ඒ හැරෙන්නට රොහාන් ප්‍රදීප් කුමාර, ප්‍රසන්න අමරසේකර, රෝහිත පුෂ්ප කුමාර හා අශෝක ජයසුන්දර ගෙන් සමන්විත ශ්‍රී ලංකා මීටර් 4x400 (පිරිමි) සහාය දිවීමේ කණ්ඩායම ද 2006 දී ලෝකඩ පදක්කමක් එහිදී දිනා තිබේ.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව අවසන් වරට මලල ක්‍රීඩාවෙන් පදක්කමක් දිනා ඇත්තේ 1998 දීය. 1998 දී ක්වාලලාම්පූර් නුවරදී පැවති පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා කඩුලු පැනීමේ ක්‍රීඩිකා ශ්‍රියානි කුලවංශ හා ශ්‍රී ලංකා මීටර් 400 ක්‍රීඩක සුගත් තිලකරත්න එහිදී පිළවෙලින් රිදී පදක්කමක් හා ලෝකඩ පදක්කමක් දිනා ගත්හ.
මේ අතර දැනට ක්‍රියාත්මක සුපිරි මලල ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගණන 24 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අතර ජාතික මලල ක්‍රීඩා සංචිතය නැවත පණ ගැන්වීමේදී අළුතෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසකට එහි අවස්ථාව හිමි වෙනු ඇතැයි ද වාර්තාවේ.
සුපිරි සංචිතයේ ක්‍රීඩකයන් තිදෙනකු විදේශයන්හි පුහුණුව ලබන අතර විනය විරෝධී හැසිරීමේ චෝදනා ලබා සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් කීප දෙනකු මේ වනවිට සංචිතයෙන් තාවකාලිකව ඉවත් කර ඇතැයි ද වාර්තාවේ.
ආසියානු ක්‍රීඩා හා පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ඉලක්ක කරමින් පළමු තේරීම් තරගාවලිය ලබන මාසයේ (ඔක්තෝබර්) 30-31 දෙදින සුගතදාස පිටියේදී පැවැත්වීමට ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය සැළසුම් කර තිබේ. එයින් පසුව මෙම ජාත්‍යන්තර තරග මාලා ඉලක්ක කරමින් ජාතික මලල ක්‍රීඩා සංචිත පුහුණුවීම් අඛණ්ඩව පවත්වා ගෙන යාමට තවදුරටත් සැළසුම් සකස් කර තිබේ.
කොවිඩ් ව්‍යසනයෙන් කල් දමනු ලැබූ 99 වැනි ජාතික මලල ක්‍රීඩා ශූරතාවලියේ දෙවැනි (අවසන්) අදියර ලබන ඔක්තෝබර් 16-17 දෙදින සුගතදාස පිටියේදී පැවැත්වීමට නියමිතය. ඒ අතර 99 ජාතික මලල ක්‍රීඩා තරගාවලිය පළමු අදියර සටනේ පැවැති සියලු ඉසව් නැවැත ඔක්තෝබර් 18 වැනිදා එම තරගාවලියෙන් බැහැර කරමින් හුදෙක් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා විමර්ෂණය කිරීම සඳහා පැවැත්වීමටද ශ්‍රී ලංකා මලල ක්‍රීඩා තීරණය කර තිබේ.
වසර 2020 මාර්තු මාසයේ සිට උද්ගතව පවතින කොවිඩ් ව්‍යසන තත්ත්වය හේතුවෙන් මේ දක්වා ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ජාත්‍යන්තර තරග සහභාගිත්වය එක් ආරාධිත තරගාවලියට හා එක් කනිෂ්ට කණ්ඩායමකට පමණක් සීමා වී තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.