Last Update  :  2025-09-10 13:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics ස්වේච්ඡා බළසේනා මළල ක්‍රීඩා හෙට සිට

ස්වේච්ඡා බළසේනා මළල ක්‍රීඩා හෙට සිට

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 11 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

යුද හමුදාවේ ස්වේච්ඡා බළසේනා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා තරගාවලිය දියගම මහින්ද රාජපක්‍ෂ ක්‍රිඩාංගණයේදී හෙට (12 වැනිදා) සිට 14 වැනිදා දක්වා පැවැත්වේ.

ජාතික සහ ජාත්‍යන්තර තලයට යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔසවා තබන තෝතැන්නක් ලෙස සැලකෙන ස්වේච්ඡා බලසේනා මලල ක්‍රීඩා ශුරතාවලිය, යුද හමුදාව තුළ පැවැත්වෙන ප්‍රමුඛතම ක්‍රීඩා තරගාවලියකි.

ජවන හා පිටිය තරග ඉසව් වලින් සමන්විත ප්‍රධාන තරගාවලියට සමගාමීව පැවැත්වෙන කඹ ඇදිමේ තරගාවලියක්ද, ස්වේච්ඡා බළසේනා මළල ක්‍රිඩා ශූරතාවලයට ඇතුළත්වන අතර එහිදී ජාතික සහ ජත්‍යන්තර අත්දැකිම් සහිත ක්‍රීඩක ක්‍රීඩිකාවෝ රැසක් තරග වදිති.

මෙම වසරේ ඉන්දියාවේදී පැවති දකුණු ආසියාතික මළල ක්‍රීඩා තරගාවලියේදී නව තරග වාර්තාවක් බිහිකරමින් මීටර් 100 ඉසව්වේ රන් පදක්කම දිනාගත් ඩබ්ලිව්. කේ. එච් ඒෂාන්, මීටර් 200 ඉසව්වේ රන් පදක්කම දිනාගත් එම්. වී. එස්. සිල්වා සහ මීටර් 800 ඉසව්වේ රන් පදක්කම දිනාගත් එච්. ඒ. හේරත් යන ක්‍රීඩකයෝද මෙවර තරගාවලියට සහභාගි වෙති.

ශ්‍රී ලංකා යුද හමුදාව රෙජිමේන්තු සංකල්පය තුළ සංවිධානය වූ පසු ඊට සාපේක්‍ෂව ක්‍රීඩා තරගාවලි, සරඹ තරගාවලි, වෙඩිතැබීමේ තරගාවලි අන්තර් රෙජිමේන්තු මට්ටමින් පවත්වන ලදි. එහි ප්‍රථිපලයක් ලෙස 1996 වසරේදී මෙම ස්වේච්ඡා බළසේනා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රිඩා තරගාවලිය ආරම්භ කෙරිණ.


- 036

 


අදහස් (0)

ස්වේච්ඡා බළසේනා මළල ක්‍රීඩා හෙට සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.