Last Update  :  2025-09-10 13:54:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මධ්‍යම පළාත් කී‍්‍රඩා තරග ඇරඹෙයි

මධ්‍යම පළාත් කී‍්‍රඩා තරග ඇරඹෙයි

සංජය එරමුදුගොඩ - 2016 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යංශය සංවිධානය කරන මධ්‍යම පළාත් පාසල් ක‍්‍රීඩා උළෙල ඊයේ (26) ආරම්භ විය. ක‍්‍රීඩා 22 ක් ඇතුළත් මෙම ක‍්‍රීඩා උළෙල මහනුවර ශාන්ත සිල්වෙස්තර විදුහලේදී පැවැත්වෙන  කැරම් තරගාවලියෙන් ආරම්භ විය.

කැරම්, චෙස්, ත්‍රෝබෝල්, දැල්පන්දු, කබඩි, වොලිබෝල්, හොකී, කරාටේ, බැඞ්මින්ටන්, පාපන්දු, එල්ලේ, ක‍්‍රිකට්, ජිම්නාස්ටික්, ශාරීරික අභ්‍යාස, ව්‍යායාම ජිම්නාස්ටික්, ජුඩෝ, මේස පන්දු, සරඹ, මල්ලවපොර, බොක්සිං, ටයිකොන්ඩෝ සහ මලල ක‍්‍රීඩා ඉසව් ක‍්‍රීඩා උළෙලට ඇතුළත්වේ.

මෙම ක‍්‍රීඩා උළෙල සියලූ ක‍්‍රීඩා ඉසව් සහා මධ්‍ය පළාතෙන් පාසල් 400 ත් 500 ත් අතර සංඛ්‍යාවකින් ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහභාගිවන බව මධ්‍යම පළාත් ක‍්‍රීඩා අධ්‍යක්ෂ අතුල ජයවර්ධන මහතා පැවසීය.

ජුලි මස 29 වැනිදා දක්වා පැවැත්වෙන ක‍්‍රීඩා උළෙලේ මලල ක‍්‍රීඩා ඉසව් ජුලි මස 11 වැනිදා මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

 


අදහස් (1)

මධ්‍යම පළාත් කී‍්‍රඩා තරග ඇරඹෙයි
  • එල්.ඉනෝකා පෙරේරා Thursday, 07 August 2025 06:49 PM

    මලල ක්‍රීඩා තරග සටහන එවන්න

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.