Last Update  :  2025-05-30 23:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Athletics මීටර 400 × 4 කාන්‍තා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්
ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලිය - 2025

මීටර 400 × 4 කාන්‍තා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

editorial - 2025 මැයි මස 29 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ) 

දකුණු කොරියාවේ ගුමී නගරයේදී දැන් පැවැත්වෙන 26 වැනි ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 400 × 4 (කාන්තා) ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගැනිමට ශ්‍රී ලංකාව අද (29) රාත්‍රීයේදී සමත් විය.ඒ විනාඩි 3 තත්පර 36.67 ක කාලයක් වාර්තා කරමිනි.

එහිදී ඉන්දියානු  කණ්ඩායම විනාඩි 3 තත්පර34.18 කට එහි රන් පදක්කම දිනා ගත්තේය. විනාඩි 3 තත්පර 34.77 කට ඉසව්වේ රිදී පදක්කම හිමි කර ගත්තේ වියට්නාම කණ්ඩායම විසිනි.  නදීෂා රාමනායක, සයුරී මෙන්ඩිස්, ජයෙෂී උත්තරා හා නිෂේන්ද්‍රා ප්‍රනාන්දු ඊයේ  ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම දිනා දුන් සහය දිවීමේ කණ්ඩායම නියෝජනය කළේය.

කෙසේවූවත් ශ්‍රී ලංකාව ගිය වර තරගාවලියේදී (2023 - බැංකොක්) එහි රිදී පදක්කම හිමි කර ගැනීමට සමත්ව තිබුණි.මෙවර මීටර  400 × 4 කාන්තා සහය දිවීමේ ඉසව්ව කෙළින්ම අවසන් තරගයක් ලෙස පැවැත්වුණි.

ශ්‍රී ලංකාව ඊයේ එහි පිරිමි සහය දිවීමේ ඉසව්වේ (මීටර 4× 400) මූලික වටයේ තරගය විනාඩි 3 තත්පර 07.79 ක කාලයකට වාර්තා කරමින් එහි අවසන් තරගයට නිර්දේශ ලබා ගැනීමට සමත්වීමත් ඊයේ කැපී පෙණුනි.

එහිදී ශ්‍රී ලංකා සහය දිවීමේ කණ්ඩායමට අරුණ දර්ශන, සදෙව් රාජකරුණා, ඔමෙල් ෂශින්ත සිල්වා හා කාලිංග කුමාරගේ ඇතුළත් විය. මෙම ඉසව්වේ අවසන් තරගය දිනයේ සංශෝධිත තරග කාල සටහනට අනුව ශ්‍රී ලංකා වේලාවෙන් අද (29) රාත්‍රීයේදී පැවැත්වීමට නියමිතව තිබුණි. 

කණ්ඩායම් නවයක් සහභාගිවීමෙන් අවසන් තරගයට කණ්ඩායම් අටක් නිර්දේශ කර ගැනීම සදහා එහි මූලික තරග වටයක් පැවැත්වීමට සිදු විය.එහිදී ඉවතට ගියේ සිංගප්පූරු කණ්ඩායමයි.  එහිදී හොදම කාලය විනාඩි 3 තත්පර 06.28 කට වාර්තා කළේත් ඉන්දියානු කණ්ඩායම විසිනි.

එහි පිරිමි ඉසව්වේ රන් පදක්කම පසු ගිය තරගාවලියේදී දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත්ව ඇත.   

මේ අතර ඊයේ මීටර 10000 (කාන්තා) ඉසව්වට තරග වැදුණු ශ්‍රී ලංකා ක්‍රීඩිකා රසාරා මෙත්මී විජේසූරියට හත් වැනි ස්ථානයෙන් සෑහීමට පත්වීමට සිදු වූවාය.ඒ විනාඩි 33 තත්පර 21.62 ක කාලයක් වාර්තා කරමිනි.මෙහි රන් පදක්කම නව ආසියානු වාර්තාවක් සමග හිමි කර ගත්තේ කසකස්ථාන ක්‍රීඩිකා ඩෙල්සී ජෙප්කෙමෙයි විසිනි.ඒ විනාඩි 30.තත්පර 48.44 කටය.

එහි රිදී හා ලෝකඩ යන පදක්කම් දෙකම හිමි කර ගත්තේ ජපන් ක්‍රීඩිකාවන් දෙදෙනෙක් විසිනි.

ශ්‍රී ලංකා ක්‍රීඩක ලෙසදු ආතාවිදු ගම්මනගේ උස පැනීම (පිරිමි) ඉසව්ව සදහා ඊයේ ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රීයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ශූර සුමේධ රණසිංහ, මීටර 200 ක්‍රීඩක කාලිංග කුමාරගේ අද (30) එම ඉසව්හි මූලික වටයේ තරග සදහා සහභාගි වන අතර මීටර 4 × 100 (පිරිමි) සහය දිවීමේ කණ්ඩායමත් අද මූලික වටයේ තරගයට සහභාගි වීමට සූදානමින් සිටියේය.

මේ අතර ගුමී නුවරට ළගාවීමෙන් පසුව සිය කේවල ඉසව් සදහා සහභාගි වීමෙන් වැළකී සිටි ශ්‍රී ලංකා ක්‍රීඩක යුපුන් අබේකෝන් අද පැවැත්වෙන සහය දිවීමේ ඉසව්වට සහභාගි වන බව සනාථ කළ බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පවසයි.


අදහස් (0)

මීටර 400 × 4 කාන්‍තා ඉසව්වෙන් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.