නාමල් පතිරගේ
දියගම මහින්ද රාජපක්ෂ පිටියේදී පෙරේදා (13) ආරම්භ වූ ජාතික මලල ක්‍රීඩා දෙවැනි තේරීම් තරගාවලියේ ඊයේ (14) දෙවැනි දිනයටත් වර්ෂාවෙන් බාධා එල්ල විය.ඒ හේතුවෙන් ඊයේ දිනය තරග ඉසව් කීපයකට පමණක් සීමාවූ අතර පස්වරුවේ සූදානම් කර තිබූ තරග ඉසව් අත්හිටුවනු ලැබීය.
ඒ අතර වර්ෂාව හේතුවෙන් පෙරේදා පළමු දිනයේ තරග ඉසව් නොපැවැත්විණි.
කෙසේවූවත් තෙදිනක් පැවැත්වීමට සූදානම් කර තිබූ මෙම තේරීම් තරගාවලිය අද (15) නිමාවට පත්වීමට නියමිතව තිබුණි.
එහෙත් අත්හිටුවූ තරග ඉසව් සැලකිල්ලට ගනිමින් එය හෙට (16) දිනයේදීත් පැවැත්වීමට තීරණය කළ බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පවසයි.
ජූලි 23 සිට අගෝස්තු 2 වැනිදා දක්වා පැවැත්වෙන 23 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයිය ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය හා අනතුරුව සැප්තැම්බර් 24 සිට 29 දක්වා පැවැත්වෙන 20 වැනි ආසියානු ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය ඉලක්ක කරමින් ජාතික මලල ක්‍රීඩා සංචිතය යාවත්කාළීන කිරීම සදහා මෙම තේරීම් තරගාවලිය කැඳවා තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.