Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball යුද හමුදාව සුපර් ලීග් ශූරතාව දිනාගනී

යුද හමුදාව සුපර් ලීග් ශූරතාව දිනාගනී

ශානුක අරවින්ද - 2019 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ජාතික වොලිබෝල් තරගාවලියේ සුපර් ලීග් පිරිමි ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකා යුද හමුදාව සමත් විය. එහි සුපර් ලීග් කාන්තා ශූරතාව දිනාගනු ලැබුවේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසිනි.

ජාතික තරුණ සේවා සභා ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහ තරගයේදී මාස් ලෙෂර්ලයින් ක්‍රීඩා සමාජයට එරෙහිව වට 3-1 ක ජයක් අත්කර ගනිමින් යුද හමුදාව සුපර් ලීග් පිරිමි ශූරතාවට හිමිකම් කීවේය. තරගාවලියේ වටිනාම ක්‍රිඩකයා ලෙස යුද හමුදාවේ මහේල ඉන්දීවර සම්මාන දිනාගත්තේය.

ඉතා තියුණු මුහුණුවරක් ගත් අවසන් තරගයේ පළමු වටය නිමා වූයේ ලකුණු 25-19 ක් ලෙස මාස් ලෙෂර්ලයින් ක්‍රීඩා සමාජයට ජය අත්කර දෙමිනි. කෙසේ වුවත් දක්ෂ ලෙස යළිත් තරගයට අවතීරණ වූ යුද හමුදා ක්‍රීඩකයෝ ලකුණු 25-12 ක්, 25-21 ක් සහ 25-22 ක් ලෙස දෙවැනි, තෙවැනි සහ සිවුවැනි වට ජයගනිමින් තරගයේ ජය තමන් සතුකර ගත්හ.

යුද හමුදාවේ ක්‍රීඩකයන් වන ඩබ්.ඒ. වික්‍රමසිංහ දක්ෂතම ආරක්‍ෂක ක්‍රීඩකයා ලෙසත්, ශමිල් මලින්ද දක්ෂතම ආවරණය කරන්නා ලෙසත්, අමිල මසචි දක්ෂතම පන්දු සකසන්නා ලෙසත්, වසන්ත ලක්මාල් දක්ෂතම පන්දු යොමුකරන්නා ලෙසත්, මාස් ලෙෂර්ලයින් ක්‍රීඩා සමාජයේ තුෂාර චමත් දක්ෂතම ප්‍රහාරකයා ලෙසත්, ළහිරු දේෂාන් දක්ෂතම පන්දු ලබාගන්නා ලෙසත් සම්මාන දිනාගත්හ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව සුපර් ලීග් කාන්තා ශූරතාව දිනාගත්තේ අවසන් මහ තරගයේදී ශ්‍රී ලංකා නාවික හමුදාවට එරෙහිව වට 3-0 ක පහසු ජයක් වාර්තා කරමිනි. ලකුණු 25-20 ක්, 25-22 ක් සහ 25-14 ක් ලෙස එම තරගයේ ලකුණු තත්ත්වය සටහන් විය. තරගාවලියේ වටිනාම ක්‍රිඩිකාව මෙන්ම දක්ෂතම ප්‍රහාරිකාව ලෙසද ගුවන් හමුදාවේ අනූෂා සඳමාලි සම්මාන දිනාගත්තාය.

ගුවන් හමුදාවේ ක්‍රීඩිකාවන් වන දිනේෂා ප්‍රසාදිනී දක්ෂතම ආවරණය කරන්නිය ලෙසත්, ජේ.එම්.පී. තුෂාරි දක්ෂතම පන්දු සකසන්නිය ලෙසත්, බී.එම්.එස්. ශ්‍යාමා දක්ෂතම පන්දු ලබාගන්නිය ලෙසත් සම්මාන දිනාගත් අතර නාවික හමුදාවේ දිලූෂා සංජීවනී දක්ෂතම ආරක්ෂාකාරී ක්‍රීඩිකාව ලෙසත්, වයි.ජී.එච්. සංජීවනී දක්ෂතම පන්දු යොමුකරන්නිය ලෙසත් සම්මාන දිනාගත්හ.

සිලෝන් බිස්කට් සමාගමේ අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය සංවිධානය කළ මන්චි ජාතික වොලිබෝල් තරගාවලියේ අවසන් මහ තරග අද (28 වැනිදා) මහරගම ජාතික තරුණ සේවා සභාවේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේදී පැවැත්විණ.


අදහස් (0)

යුද හමුදාව සුපර් ලීග් ශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.