Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Volleyball ජනාධිපති රන් කුසලාන වොලිබෝල් අවසන් මහ තරග අද - හෙට

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් අවසන් මහ තරග අද - හෙට

නාමල් පතිරගේ - 2020 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


 

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ අතරමග අත්හිටුවූ ජනාධිපති රන් කුසලාන වොලිබෝල් ශූරතා තරගාවලියේ අවසන් මහ තරග අද සහ හෙට  (25-26) මහරගම තරුණ සේවා ගෘහස්ථ පිටියේදී පැවැත්වේ. වසර 2019 වෙනුවෙන්, ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රහය මත පැවැත්වෙන මෙම තරගාවලිය  සඳහා සහභාගි වූ ක්‍රීඩා සමාජ හා කණ්ඩායම් ගණන 2500ක් පමණ වේ.

මෙම තරගාවලිය ජ්‍යෙෂ්ඨ හා වයස 23න් පහළ (කනිෂ්ඨ) හා (කාන්තා/පිරිමි) යන කාණ්ඩ දෙකෙන්ම පැවැත්වේ.  

වසර 2019 තරගාවලියේ අවසන් මහ තරග සඳහා ප්‍රවේශ වී සිටින කණ්ඩායම් දෙස බැලීමේදී ජ්‍යෙෂ්ඨ කාණ්ඩයේ ගිය වසර (2018) පිරිමි ශූරතාව දිනූ ගම්පහ සියනෑ තරු කණ්ඩායම හා ගිය වර ජ්‍යෙෂ්ඨ කාන්තා අනුශූරතාව ලද රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් කණ්ඩායම මෙවරත් අවසන් මහ තරගයට ප්‍රවේශ වී සිටීමයි. ඒ අනුව ගියවර (2018) ජ්‍යෙෂ්ඨ-පිරිමි අනුශූරතාව  ලද කොළඹ බලරැස් හා එහිදී ජ්‍යෙෂ්ඨ-කාන්තා ශූරතාව දිනූ මාවතගම ‘කැෂුවලයින්’ යන කණ්ඩයම් ලද පරාජයයි.

මේ අතර 2019 තරගාවලියේ අවසන් මහ තරග ප්‍රවේශයේ සුවිශේෂි සිදුවීමක් වන්නේ  මහඋස්වැව රතනපාල ක්‍රීඩා සමාජය ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ කාණ්ඩ දෙකේම අවසන් මහ තරග දෙකකට ප්‍රවේශයක් ලබාගැනීමය. ගියවර ජ්‍යෙෂ්ඨ කාන්තා ශූරියක්වූ කුරුණෑගල කැෂුවලයින් කණ්ඩායම මෙවර හිමිකරගෙන ඇත්තේ තෙවැනි ස්ථානයයි.

 වසර 2019 ජ්‍යෙෂ්ඨ-පිරිමි කාණ්ඩයේ පළමු අවසන් පූර්ව තරගය ජයගත් මාදම්පේ වීසින්ස් ක්‍රීඩා සමාජයට එල්ලවූ විරෝධතාවක් විභාගයට ගනිමින් සිටියදී ඔවුන් තරගාවලියෙන් ඉවත්විය.
 ඒ අනුව අවසන් මහ තරගයේ අවස්ථාව ඔවුන් අතින් පරාජයට පත්වූ දෙබෑගම රත්තරු ක්‍රීඩා සමාජයට හිමිවිය. එම තත්ත්වය තුළ දෙබෑගම රන්තරු පිල හා කොළඹ බලරැස් පිල අතර තෙවැනි ස්ථානය තේරීමේ තරගය අවලංගු කළේය.
 ශ්‍රී ලංකා  වොලිබෝල් සම්මේලනය ඩයලොග් ආසියාටා  සමාගමේ අනුග්‍රහයෙන් මෙවරත් සංවිධානය කළ තරගාවලියේ ජය සංකේත  ප්‍රදානෝත්සවය හෙට (26) පස්වරු 5ට ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ හා වොලිබෝල් සම්මේලනයේ සභාපති නියෝජ්‍ය කතානායක රංජිත් සියඹලාපිටිය යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
 ජයග්‍රාහී කණ්ඩායම් සඳහා රුපියල් 150000 සිට මුදල් ත්‍යාග ප්‍රදානය කිරීමට කටයුතු යොදා තිබේ.
ජනාධිපති-ඩයලොග් රන් කුසලාන වොලිබෝල් තරග මාලාවේ අවසන් මහ තරග පැවැත්වෙන ආකාරය.


සැප්තැම්බර් 25
වයස 23න් පහළ කනිෂ්ඨ  කාණ්ඩය
♦ පස්වරු 1ට කාන්තා:- මහඋස්වැව  රතනපාල කණ්ඩායම හා කෑගල්ල හයිද්‍රාමනි කණ්ඩායම අතර
♦ තෙවැනි ස්ථානය:- මාවතගම කැෂුවලයින් කණ්ඩායම
♦ පස්වරු 3ට:- පිරිමි - නාත්තන්ඩිය ධම්මිස්සර කණ්ඩායම හා වෙන්නප්පුව ජෝශප් වාස් කණ්ඩායම අතර.
♦ තෙවැනි ස්ථානය:- කටාන ඒකාබද්ධ ක්‍රීඩා සමාජය (නිතරගයෙන්)

ජ්‍යෙෂ්ඨ කාණ්ඩය
♦ පස්වරු 1ට- කාන්තා - මහඋස්වැව රතනපාල කණ්ඩායම හා රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් කණ්ඩායම අතර
 ♦ පස්වරු  3ට- පිරිමි - ගම්පහ සියනෑතරු කණ්ඩායම හා දෙබෑගම රන්තරු කණ්ඩායම  අතර
♦ කාන්තා තෙවැනි ස්ථානය:- අම්පාර සුපර්කිංග්ස් කණ්ඩායම.

 

ගම්පහ සියනෑතරු කණ්ඩායම

 

දෙබෑගම රන්තරු කණ්ඩායම  අතර

 

 

මහඋස්වැව රතනපාල කණ්ඩායම 

 

 

රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස් කණ්ඩායම


අදහස් (0)

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් අවසන් මහ තරග අද - හෙට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.