Last Update  :  2024-04-24 18:41:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Records පිතිකරුවෝ බංග්ලාදේශය දිනවති

පිතිකරුවෝ බංග්ලාදේශය දිනවති

Nisanka Sandeepani - 2019 මැයි මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් දූපත්, බංග්ලාදේශය සහ අයර්ලන්තය අතර පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය ලෙස බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ඩබ්ලින්හිදී පැවැති තරගයෙන් කඩුලු 8 ක පහසු ජයක් අත්කර ගැනීමට බංග්ලාදේශ කණ්ඩායම ඊයේ (7 වැනිදා) සමත් විය. 

ජයග්‍රහණය සඳහා ලකුණු 262 ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ ක්‍රීඩකයෝ ඕවර 45 ක් අවසානයේ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගියහ. එහිදී සකීබ් අල් හසන් (නොදැවී 61) සහ මුෂ්ෆිකුර් රහීම් (නොදැවී 32) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 50 කදී ලකුණු 68 ක සම්බන්ධතාවක් ගොඩනගමින් බංග්ලාදේශ කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියහ.

පන්දු 61 කදී වාර්තා වූ සකීබ්ගේ අර්ධ ශතකය හයේ පහර 2 කින් සහ හතරේ පහර 3 කින් සමන්විත වූ අතර පන්දු 25 කදී වාර්තා වූ රහීම්ගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් ඇතුළත් විය. ආරම්භක පිතිකරුවන් වූ ටමීම් ඉක්බාල් හතරේ පහර 7 ක් සමග ලකුණු 80 ක්ද, සෞම්‍ය සාකර් හයේ පහරක් සහ හතරේ පහර 9 ක් සමග ලකුණු 73 ක්ද රැස්කරමින් බංග්ලාදේශ කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූහ. 

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් කොදෙව් කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 98 කදී ලකුණු 89 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට ශායි හෝප් (109) සහ සුනිල් ඇම්බි්‍රස් (38) සමත් වූහ. මෙම තරගාවලියේදී හෝප් පිට පිටම ලබාගත් දෙවැනි ශතකය මෙය වන අතර පන්දු 132 කට මුහුණදුන් ඔහු හයේ පහරකින් සහ හතරේ පහර 11 කින් එම ශතකය අලංකාර කළේය. 

රොස්ටන් චේස් (51) සමග එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 141 කදී ලකුණු 115 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද හෝප් සමත් වූ අතර පන්දු 62 කදී ලබාගත් චේස්ගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 2 ක් අන්තර්ගත විය. 
දක්ෂ පන්දු යැවීමක නිතර වූ නායක මෂ්රෆී මොටාසා ලකුණු 49 කට කඩුල 3 ක් දවාගත් අතර මොහොමඞ් සයිෆුඩීන් සහ මුස්තෆිසුර් රෙහෙමාන් කඩුලු 2 බැගින් දවාගනිමින් කොදෙව් ඉනිම සුනුවිසුණු කිරීම සඳහා මොටාසාට අනගි සහායක් දුන්හ.  

 

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 50 කදී කඩුලු 9 ක් දැවී 261  
(ශායි හෝප් 109, සුනිල් ඇම්බ්‍රිස් 38, රොස්ටන් චේස් 51, ඈෂ්ලි නර්ස් 19, නායක මෂ්රෆී 49/3, මොහොමඞ් සයිෆුඩීන් 47/2, මොහොමඞ් සයිෆුඩීන් 84/2) 

බංග්ලාදේශ පිල - ඕවර 45 කදී කඩුලු 2 ක් දැවී 264  
(ටමීම් ඉක්බාල් 80, සෞම්‍ය සාකර් 73, සකීබ් අල් හසන් නොදැවී 61, මුස්තෆිසුර් රෙහෙමාන් නොදැවී 32) 

-036 


අදහස් (0)

පිතිකරුවෝ බංග්ලාදේශය දිනවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.