Last Update  :  2024-04-26 17:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Othersports මහනුවර පිට පිටම හත්වැනි ජයත් ලබයි

මහනුවර පිට පිටම හත්වැනි ජයත් ලබයි

ශනුක අරවින්ද - 2018 දෙසැ මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ පළමු වටයේ හත්වැනි සහ අවසන් සතිය යටතේ වැලිසර නාවික හමුදා  පිටියේදී ඊයේ (23) පැවැති තරගයේදී මහනුවර ක්‍රීඩකයෝ ලකුණු 22-20 කින් නාවික හමුදා පිල පරාජය කරමින් පිට පිටම හත්වැනි ජය ලැබූහ.

මහනුවර පිල මේ අනුව අපරාජිතව දෙවැනි වටයට පැමිණියේය.

මහනුවර පිල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-8 ක් ලෙස ලකුණු හතකින් ඉදිරියෙන් සිටියේය.

නාවික හමුදා පිල පළමු අර්ධයේ 12 වැනි මිනිත්තුවේදී ලැබුණු දඩුවම් පහර නායක තිළිණ වීරසිංහ සාර්ථක කිරීමත් සමඟ 3-0 ක් ලෙස ලකුණු පුවරුව ක්‍රියාත්මක විය.

විශ්වමිත්‍ර ජයසිංහ 14 වැනි මිනිතත්වේදී ද, ෂෙහාන් පතිරණ 23 වැනි මිනිත්තුවේදී ද, මහනුවර පිලට එකතු කළ උත්සාහක දිනුම් තිළිණ විජේසිංහ ගෝල බවට ප්‍රවර්ථනය කිරීමෙන් මහනුවර පිල ලකුණු 14-3 ක් ලෙස පෙරමුණට පැමිණියේය.

නාවික හමුදා පිලේ ගිහාන් පෙරේරා 34 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමඟ ලකුණු පුවරුව 14-8 ක් බවට පත්විය.

මොහොමඞ් අප්ෂාල් දෙවැනි අර්ධයේ දෙවැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුම තිළිණ වීරසිංහ ගෝලයක් බවට ප්‍රවර්ථනය කිරීමත් සමඟ ලකුණු පුවරුව 15-14 ක් බවට පත්ව නාවික හමුදාව ඉදිරියට පැමිණියේය.

ෂෙහාන් පතිරණ හයවැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමඟ මහනුවර පිල නැවතත් ලකුණු 19-15 ක් ලෙස පෙරමුණ ගත්තේය.

දිනේෂ් ද සිලවා 34 වැනි මිනිත්තුවේදී සම්පූර්ණ කළ උත්සාහක දිනුමත් සමඟ නාවික හමුදාව ලකුණු 20-19 ක් ලෙස ලකුණකින් ඉදිරියෙන් සිටියේය.

මහනුවර පිලට අවසන් මොහොතේ ලැබුණු දඩුවම් පහර තිළිණ විජේසිංහ සාර්ථක කිරීමත් සමඟ නාවික හමුදා පිලෙන් ජයග්‍රහණය ගිලිහුණි.  

 


අදහස් (0)

මහනුවර පිට පිටම හත්වැනි ජයත් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.