Last Update  :  2024-04-26 17:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හැව්ලොක්ස් 40-37 කින් සී. එච්. පිල පරදවයි

හැව්ලොක්ස් 40-37 කින් සී. එච්. පිල පරදවයි

යොහාන් භාසුර - 2020 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු කොටසේ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ දෙවැනි වටයේ සිවුවැනි සතියේ දෙවැනි තරගය ලෙස හැව්ලොක්ස් පිටියේදී අද (14) පස්වරුවේ විදුලි ආලෝකය මධ්‍යයේ පැවැති තරගයේදී සත්කාරක හැව්ලොක්ස් පිල ලකුණු 40-37 කින් සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් විය.

හැව්ලොක්ස් පිල මෙවර තරගාවලියේ තරග 11 යේදී ලැබූ හත්වැනි ජය මෙය වේ. මෙහිදී කණ්ඩායම් දෙකම අතිරේක ප්‍රසාද ලකුණ බැගින් හිමිකරගැනීමට සමත් විය.  

ජයග්‍රාහි හැව්ලොක්ස් ක්‍රීඩකයෝ ගෝල හතරකින් සහ දඩුවම් පහර හතරකින් ලකුණු 40 රැස්කළහ. සී. එච්. පිලට ගෝල දෙකකින්, උත්සාහක දිනුම් හතරකින් සහ දඩුවම් පහරකින් ලකුණු 37 එකතු විය.

හැව්ලොක්ස් ක්‍රීඩකයෝ පළමු අර්ධය අවසන් වන විට ලකුණු 20-17 ක් ලෙස ලකුණු තුනකින් පෙරමුණ ගැනීමට සමත් වූහ. පළමු අර්ධයේ අවසන් මිනිත්තුව වන විට ලකුණු පුවරුව 17-17 ක් ලෙස සම තත්ත්වයෙන් පැවතුණි. සන්තුෂ් අල්ගම අවසන් මිනිත්තුවේදී සාර්ථක කළ දඩුවම් පහරින් හැව්ලොක්ස් පිල පෙරමුණට පැමිණියේය.

හැව්ලොක්ස් පිල දෙවැනි අර්ධයේදී එක දිගට ලකුණු 20 ක් රැස්කරමින් ලකුණු පුවරුව 40-17 ක් බවට පත්කරගත්තේය.

සී. එච්. ක්‍රීඩකයෝ අවසන් මිනිත්තු 12 තුළ ලකුණු 20 ක් රැස්කරමින් ලකුණු තත්ත්වය 40-37 ක් බවට පත්කිරීමට සමත් වූහ. හිරුෂ සම්පත්ගෙන් ගෝල ප්‍රවර්ථන හතරක් අසාර්ථක නොවුණේ නම් සී. එච්. පිලට ජය ලැබීමට අවස්ථාව තිබුණි.

හැව්ලොක්ස් පිලට මිතුන් හපුගොඩ උත්සාහක දිනුම් දෙකක් ද, දිනුෂන් ආරියපාල සහ ශවුකට් ලාහීර් උත්සාහක දිනුම බැගින් ද, සම්පූර්ණ කළහ.

සන්දේෂ් ජයවික්‍රම ගෝල ප්‍රවර්ථන හතර ද, සන්තුෂ් අල්ගම දඩුවම් පහර හතර ද, හැව්ලොක්ස් පිල වෙනුවෙන් සාර්ථක කළහ.

සී. එච්. පිලට ප්‍රසාද් මධුසංඛ උත්සාහක දිනුම් දෙකක් ද, රෝහිත රාජපක්‍ෂ, දුෂ්මන්ත ප්‍රියදර්ශන, මොහොමඞ් අබ්සායි සහ වරීන් වීරකෝන් උත්සාහක දිනුම් බැගින් ද, එකතු කළහ. හිරුෂ සම්පත් ගෝල ප්‍රවර්ථන දෙකක් සහ දඩුවම් පහර සාර්ථක කළේය.


අදහස් (0)

හැව්ලොක්ස් 40-37 කින් සී. එච්. පිල පරදවයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.