Last Update  :  2024-04-26 17:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ලකුණු සටහන්කරුවන් ක්‍රිකට් ආයතනය යටතට

ලකුණු සටහන්කරුවන් ක්‍රිකට් ආයතනය යටතට

යොහාන් භාසුර - 2020 සැප් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන දේශීය තරගාවලි සහ ජාත්‍යන්තර තරගවලදී සේවය ලබාගැනීම සඳහා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතට ගැනීමට එහි විධායක සභාවේ අනුමැතිය හිමිවී තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමය හරහා මේ දක්වා ලකුණු සටහන්කරුවන්ගේ සේවය ලබාගත්තේය. මෙම බඳවාගැනීමත් සමඟ ඉදිරියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිර්දේශය අනුව ලකුණු සටහන්කරුවන්ට සේවය සැපයීමේ අවස්ථාව හිමිවේ.  
පුවත්පත් දැන්වීම ඔස්සේ අයැදුම්පත් කැඳවා ඉන් තෝරාගන්නා ලකුණු සටහන්කරුවන් සම්මුඛ පරීක්‍ෂණයකට සහභාගි කරවා සංචිත ගතකිරීමට ද එහිදී සැළසුම්කර තිබේ. මෙම බඳවාගැනීම පිළිබඳව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උසස් නිලධාරියකු පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය යටතේ විනිසුරුවන් කටයුතු කරන ආකාරයටම ලකුණු සටහන්කරුවන් ද ස්ථානගත කිරීමට බලාපොරොත්තු වන බවයි.

“මීට පෙර තිබුණේ තරගාවලියකට අපි ලකුණුසටහන්කරුවන් ඉල්ලා සිටි විට ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණු සටහන්කරුවන්ගේ සංගමයෙන් නිර්දේශ කරන ක්‍රමයක්. නමුත් මෙම බඳවා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කමිටුවෙන් කෙළින්ම ලකුණු සටහන්කරුවන්ට පැවරුම් ලබාදෙනවා”

“ලකුණු සටහන්කරුවන් කීදෙනකු බඳවා ගන්නවාද ඔවුන්ගේ අවම සුදුසුකම් වන්නේ මොනවාද කියලා තවම තීරණය කරලා නෑ. සුදුසුම ලකුණු සටහන්කරුවන් අපි බඳවාගන්න කටයුතු කරනවා” යැයි ද එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය.

 ශ්‍රී ලංකා ක්‍රිකට් ලකුණුසටහන්කරුවන්ගේ සංගමයේ සාමාජික ලකුණු සටහන්කරුවන්ගේ සංඛ්‍යාව 200 ක් පමණ වේ.
    

 

 


අදහස් (0)

ලකුණු සටහන්කරුවන් ක්‍රිකට් ආයතනය යටතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.