Last Update  :  2024-04-26 17:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news රත්නම් නැගිටියි

රත්නම් නැගිටියි

නාමල් පතිරගේ - 2021 මාර් මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


කොළඹ සුගතදාස පිටියේදී ඊයේ (28) පස්වරුවේ පැවැති ශ්‍රී ලංකා සුපර් ලීග් පෙර සූදානම් තරග වටයේ තරගයකදී රත්නම් කණ්ඩායම විසින් ගෝල 2-0කට කළුතර බ්ලූස්ටාර්ස් කණ්ඩායම පරාජය කිරීමට සමත් විය.

පසුගිය වසර කීපයක් තිස්සේ පසුබෑමකට ලක්ව සිටින රත්නම් කණ්ඩායම පසුගිය අගෝස්තු මාසයේදී පැවැති සභාපති කුසලාන පාපන්දු තරගාවලියෙන්ද පසුබා ගියේය. එහෙත් එහිදී නාවික හමුදා- ‘සී හෝක්ස්’ පිලට එරෙහිව රත්නම් ක්‍රීඩකයෝ එකම ජය වාර්තා කළහ. ඒ ගෝල 4-1කටය.

අවසන් වරට 2019 පෙබරවාරි මාසයේදී පවත්වා අවසන් කළ 2018 ශූරයන්ගේ තරගාවලියේ දී රත්නම් පිල තරග අටක් දිනා හය වැනි තැන ලබන අතර, බ්ලූස්ටාර්ස් පිල එහි තෙවැනි ස්ථානයට පත් වෙමින් දස්කම් දක්වන්නේ තරග 10ක් ජය ගනිමිනි.

කෙසේ වුවත් රත්නම් පිලේ ක්‍රීඩකයන් පස් දෙනකුම දැඩි අවවාද ලබන කහ කාඩ් පත ලැබූ මෙම තරග​යේ ඔවුන් වාර්තා කළ ගෝල දෙකම දෙවැනි භාගයේදී සටහන් විය.

මේ අතර පෙරේදා (27) පැවැති තරගයකදී කොළඹ කණ්ඩායම නාවලපිටිය අප්කන්ට්‍රි කණ්ඩායමට එරෙහිව ගෝල 3-0ක පහසු ජයක් ලැබීය. ඒ තරගය ආරම්භ වී තෙවැනි විනාඩියෙන්ම ගෝල රැස් කිරීම අරඹමිනි.

මෙම තරගයේදී දෙපිලේම ක්‍රීඩකයන් දෙදෙනකු රතු කාඩ්පත පෙන්වා පිටියෙන් පිටමන් කිරීමට විනිසුරුවරයා කටයුතු කළේය. තරගාවලියේ කොළඹ කණ්ඩායම වාර්තා කළ දෙවැනි ජයත් එයයි.


තරගාවලියේ ඊයේ හා පෙරේදා (27-28) පැවැති තරග ප්‍රතිඵල

ගුවන් හමුදා - බ්ලූ ඊගල්ස් පිල සහ වෙන්නප්පුව නිව් යංග්ස් පිල අතර තරගය ජය පරාජයෙන් තොරයි (1-1).

යුද හමුදා - ඩිෆෙන්ඩර්ස් පිල විසින් බේරුවල රෙඩ්ස්ටාර් පිල පරාජය කරන ලදී (2-1)

රත්නම් පිල විසින් කළුතර බ්ලූස්ටාර්ස් පිල පරාජය කරන ලදී (2-0)

කොළඹ පිල විසින් නාවලපිටිය අප්කන්ට්‍රි ලයන්ස් පිල පරාජය කරන ලදී (3-0)

 


අදහස් (0)

රත්නම් නැගිටියි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.