Last Update  :  2024-04-26 17:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තෝමසුවෝ 20-19 කින් ශාන්ත පීතර පරදවති

තෝමසුවෝ 20-19 කින් ශාන්ත පීතර පරදවති

ශනුක අරවින්ද - 2019 පෙබ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය මෙහෙයවන වයස 19 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලිය (2019) ආරම්භ කරමින් ගල්කිස්ස සාන්ත තෝමස් විදුහල් පිටියේදී අද (28) පස්වරුවේ පැවැති තරගයේදී සාන්ත තෝමස් විදුහල් පිල ලකුණු 20-19 කින් බම්බලපිටිය ශාන්ත පීතර විදුහල පරාජය කරමින් තියුණු ජයක් ලැබීමට සමත් විය.

ශාන්ත පීතර විදුහල පසුගිය වසරේ ලීග් තරගාවලියේ තෙවැනි ස්ථානය ලැබූ කණ්ඩායම වීම කැපී පෙනේ.

ශාන්ත පීතර විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 14-0 ක් ලෙස තරගයේ පාලනයට සියතට ගැනීමට සමත්ව සිටියේය. සත්කාරක ශාන්ත තෝමස් විදුහල දෙවැනි අර්ධයේදී ගෝල දෙකක් සහ දඩුවම් පහර දෙකක් සාර්ථක කරමින් පෙරළිකාර ජයක් ලැබීය.

ශාන්ත පීතර විදුහල ගෝල දෙකකින් සහ උත්සාහක දිනුමකින් ලකුණු ලැබීය.


අදහස් (0)

තෝමසුවෝ 20-19 කින් ශාන්ත පීතර පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.