Last Update  :  2024-04-26 17:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජාතික කනිෂ්ඨ තරගාවලිය 6 දා සිට

ජාතික කනිෂ්ඨ තරගාවලිය 6 දා සිට

ශානුක අරවින්ද - 2019 දෙසැ මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ගොල්ෆ් සංගමය සංවිධානය කරන විවෘත කනිෂ්ඨ ගොල්ෆ් ශූරතාවලිය ජනවාරි මස 6 වැනිදා සිට 8 වැනිදා දක්වා කොළඹ රාජකීය ගොල්ෆ් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. ප්‍රීමා සමූහ ව්‍යාපාරයේ අනුග්‍රහයෙන් 12 වැනි වරටත් පැවැත්වෙන මෙම තරගාවලිය වයස 18 න් පහළ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා විවෘත වේ.

මෙම තරගාවලිය වයස් කාණ්ඩ 4 ක් යටතේ තරග පැවැත්වෙන අතර ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 80 ක් පමණ සහභාගි වෙති.

අවුරුදු 15 සිට 18 දක්වා වයස් කාණ්ඩවල තරගකරුවන් තරගාවලියේ ප්‍රධානම කාණ්ඩය වන රන් කාණ්ඩය යටතේ තරග වදින අතර එහි ජයග්‍රාහකයා සහ ජයග්‍රාහිකාව ජාතික කනිෂ්ඨ ගොල්ෆ් ශූරයා සහ ශූරිය ලෙස සම්මාන ලැබීමට නියමිතය.

තවද එහිදී අවුරුදු 12 සිට 14 දක්වා වයස් කාණ්ඩවල තරගකරුවන් රිදී කාණ්ඩය යටතේද, අවුරුදු 10 සිට 11 දක්වා වයස් කාණ්ඩවල තරගකරුවන් ලෝකඩ කාණ්ඩය යටතේද, අවුරුදු 9 ට අඩු වයස් කාණ්ඩවල තරගකරුවන් තඹ කාණ්ඩය යටතේද තරග වැදීමට නියමිතය.

අවසන් වරට පැවැති තරගාවලියේදී බාලක ශූරතාව දිනාගත් විනෝද් වීරසිංහ මේ වන විට ඇමරිකා එක්සත් ජනපදයේ පුහුණුවීම්වල නිරත වෙමින් සිටීම හේතුවෙන් ඔහුට මෙවර තරගාවලියට සහභාගි වීමේ අවස්ථාව අහිමි වී තිබේ. ඒ හේතුවෙන් මෙවර තරගාවලියේ බාලක ශූරතාව එස්. දුවර්ශන් (නුවරඑළිය), අරූන් අස්ලම් (මහනුවර), නිරේක් තේජ්වානි සහ යන්නික් කුමාර (කොළඹ ජාත්‍යන්තර පාසල) යන ක්‍රීඩකයන්ට විවෘතව පවතී.

මෙවර තරගාවලියේ බාලිකා ශූරතාව සඳහා ටානියා බාලසූරිය සහ කයිලා පෙරේරා අතර ඉතා තියුණු තරගයක් පැවැත්වේ යයි අනුමාන කෙරේ. ඔවුන් දෙදෙනා අතුරින් පසුගිය තරගාවලියේ ශූරිය ලෙස ටානියා බාලසූරිය ඉදිරියෙන් පසුවන්නීය.


අදහස් (0)

ජාතික කනිෂ්ඨ තරගාවලිය 6 දා සිට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.