Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ෆෝමියුලා I තරගවාරය මේ සති අන්තයේ ඇරඹෙයි

ෆෝමියුලා I තරගවාරය මේ සති අන්තයේ ඇරඹෙයි

editorial - 2020 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සැලසුම් කළ කාලයෙන් මාස හතරකට පසුව, බලාපොරොත්තු වූවාට වඩා හාත්පසින්ම වෙනස් ආකාරයකින් ෆෝමියුලා I තරගවාරය ආරම්භ කිරීමට තරග සංවිධායකයෝ සූදානම් වෙති. වසර 2020 ෆෝමියුලා - I මෝටර් රථ ශූරතාවලිය මේ සති අන්තයේදී ඔස්ට්‍රියාවේ ස්පීල්බර්ග්හි පිහිටි ධාවන පථයේදී ආරම්භ කෙරේ.  

මේ දක්වා හත්වරක් ලෝක ශූරතාව දිනා ඇති ෆෙරාරි කණ්ඩයමේ මයිකල් ශූමාකර්ගේ ජයග්‍රහණ වාර්තාව සමකිරීම ස්පීල්බර්ග් ධාවන පථයේදී ආරම්භ කිරීමට මර්සිඩීස් කණ්ඩායමේ ලුවිස් හැමිල්ටන් බලාපොරොත්තුවෙන් සිටියි. පසුගිය කාල වකවානුව තුළ ක්‍රීඩාවේ වැඩි විවිධත්වයක් ඇතිකිරීම සඳහා මෙන්ම ජාතිවාදයට එරෙහිවද අරගල කළ හැමිල්ටන් මේ වන විට ලෝක ශූරතා හයක් ජයගෙන සිටින අතර එහිදී ඔහුට අනපේක්ෂිත අභියෝගයන්ට මුහුණ දීමට සිදුව තිබේ.

“ෆෝමියුලා - I ඇතුළු අප සැවොම මුහුණදී සිටින දුෂ්කරම තරග සමය වෙනුවෙන් හැකි හොඳම ක්‍රමෝපායන් යෙදවීමට අපි සැලැසුම් කරමින් සිටිනවා” යැයි 35 හැවිරිදි බි්‍රතාන්‍ය ජාතික හැමිල්ටන් පවසයි.

ශූමාකර්ගේ ගෝන් ප්‍රී ජයග්‍රහණ වාර්තාව (91) සම කිරීම සඳහා තවත් ජයග්‍රහණ 7 ක් පසුපසින් සිටින හැමිල්ටන්ට එය හඹා යෑම සඳහා මාර්තු මස 15 වැනිදා වන විට තිබූ සූදානමට වඩා වැඩි සූදානමක් මේ වන විට තිබිය යුතුව තිබේ.  

හැමිල්ටන්ගේ ප්‍රබලම ප්‍රතිවාදියකු වන ෆෙරාරි කණ්ඩයමේ සෙබස්තියන් වෙට්ල් මේ වසර (2020) අවසානයේ ක්‍රීඩාවෙන් සමුගැනීමට සූදානමින් සිටී. ලබන වසරේදී (2021) එක් එක් කණ්ඩායම්වල රියැදුරන් වෙනස් වන අකාරය පිළිබඳවද ෆෝමියුලා I මේ වන විටත් නිවේදනය කර තිබේ. මේ වසර අවසානයේදී තරග බිමෙන් සමුගැනීමට සූදානමින් සිටින වෙට්ල්, මේ වන විට සිව් වතාවක් ලෝක ශූරතාව දිනාගෙන සිටින අතර සිය අවසන් තරග වාරය තවත් ජයග්‍රහණයකින් අවසන් කරමින් ෆෙරාරි කණ්ඩායමට සමුදීමට ඔහු සූදානමින් සිටියි.

ඉකුත් මාර්තු මාසයේදී ඕස්ටේ්‍රලියාවේ පැවැත්වීමට නියමිතව තිබූ සාම්ප්‍රදායික ආරම්භක  තරගය කොරෝනා වයිරසයේ බලපෑම හේතුවෙන්  අවලංගු කිරීමට සිදුවිය. මේ වන විට 2020 තරගවාරයේ ගෝන් ප්‍රී තරගාවලි 7 ක් අවලංගු කර ඇති අතර තවත් තරගාවලි කීයක් අවලංගු කිරීමට සිදුවේද යන්න පිළිබඳව තවමත් ඇත්තේ අවිනිශ්චිතතාවකි.

ප්‍රේක්ෂකයන් නොමැතිව යුරෝපයේදී පැවැත්වෙන තරගාවලි 8 ක් ඇතුළත් තාවකාලික තරග කාලසටහනක් මේ වන විට එළිදක්වා තිබුණද, වසර නිමා වීමට පෙර තරගාවලි 15 ත්, 18 ත් අතර ප්‍රමාණයක් පැවැත්වීමට ෆෝමියුලා ෂ  සංවිධායකයෝ බලාපොරොත්තුව සිටිති.

ඔස්ට්‍රියාවේ ස්පිල්බර්ග් ධාවන පථය ලබන ඉරිදා (5 වැනිදා) ඉතිහාසයේ පළමු වරට ෆෝමියුලා-1 තරග සමයක ආරම්භක තරගාවලියට සූදානම් කෙරෙමින් පවතින අතර ඉන් සතියකට පසුව තවත් තරගාවලියක් පවත්වමින් පිට පිටම තරගාවලි දෙකකට සත්කාරකත්වය දක්වන පළමු ධාවන පථය බවට පත්වීමටද නියමිතය.

-036


අදහස් (0)

ෆෝමියුලා I තරගවාරය මේ සති අන්තයේ ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.