Last Update  :  2024-03-28 18:45:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news හිටපු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජාත්‍යන්තර මිත්‍ර සංගමයක්

හිටපු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජාත්‍යන්තර මිත්‍ර සංගමයක්

editorial - 2020 සැප් මස 21 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශ්‍රී ලංකා හිටපු ජාතික මලල ක්‍රීඩකයන්ගේ ජාත්‍යන්තර මිත්‍ර සංගමය පිහිටුවීමේ අරමුණ පෙරදැරිව ප්‍රධාන සංවිධාන කමිටුවක් පත්කර තිබේ. ඒ සඳහා ඉදිරියේදී රට තුළ වෙසෙන හිටපු ජාතික මට්ටමේ මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හැරෙන්නට දැනට එතෙර වෙසෙන ශ්‍රී ලාංකික හිටපු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ද එක්කර ගැනීමට ප්‍රධාන සංවිධාන කමිටුව අපේක්ෂා කරයි.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩාවේ ඔලිම්පික් පදක්කම් සිහිනය නැවත සැබෑ කරගැනීම සඳහා ඉදිරියේදී සය අවුරුදු ප්‍රවර්ධන වැඩසටහනක් දේශීය මලල ක්‍රීඩාවට හඳුන්වාදීමට ස්ථාපිත කෙරෙන නව සංගමය සූදානමින් සිටින බව ඒ පිළිබඳව අදහස් දක්වන ප්‍රධාන කමිටුවේ සාමාජික ඩී. සේරසිංහ මාවිල්බඩ මහතා පවසයි.

ආසියානු රන් පදක්කම්ලාභී සහය දිවීමේ ක්‍රීඩක කෝසල සහබන්දු, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමයේ හිටපු භාණ්ඩාගාරිකවරයෙකු වන සේරසිංහ මාවිල්මඩ, ඉතාලියේ වෙසෙන ආසියානු ශූරතා තරගාවලියේදී ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායම් නායකත්වය දැරූ රවීන්ද්‍ර කුමාර ප්‍රනාන්දු, ආසියානු තරගාවලිය නියෝජනය කළ හිටපු මලල ක්‍රීඩක ජෝර්ජ් සුනිල් රුද්‍රිගු, ප්‍රංශයේ වෙසෙන ප්‍රවීන මලල ක්‍රීඩක එල්.එස්. ඇන්ටන් යන මහත්වරු මෙහිදී ප්‍රධාන සංවිධාන කමිටුවේ සාමාජිකයෝ ලෙස කටයුතු කරති.

 


අදහස් (1)

හිටපු මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ජාත්‍යන්තර මිත්‍ර සංගමයක්
  • J.P.P.P. De Silva Monday, 21 September 2020 06:24 PM

    මේ පිළිබඳව දැනුවත් කළ ලංකාදීපයට බෙහෙවින්ම ස්තුතියි...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.