Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ශාන්ත සෙබස්තියන් විදුහලට මුල් ඉනිමේ ජයක්

ශාන්ත සෙබස්තියන් විදුහලට මුල් ඉනිමේ ජයක්

editorial - 2020 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ මරදාන සහිරා විදුහල අතර ශාන්ත සෙබස්තියන් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමක ජයක් අත්කර ගැනීමට ශාන්ත සෙබස්තියන් විදුහල සමත් විය.

එහිදී සෙබස්තියන් විදුහලේ නිසිත අබිලාෂ් (58), දුනිත් ජයතුංග (58) සහ ඉඳුවර ද අල්විස් (50) අර්ධ ශතක ලබාගත්හ.

පන්දුවෙන් මෙන්ම පිත්තෙන්ද එකසේ දස්කම් දැක්වූ සහිරා විදුහලේ ඉම්ටියාස් සල්සා ලකුණු 67 ක් රැස්කරමින් ලකුණු 125 කට කඩුලු 7 ක් දවාගත්තේය.


සෙබස්තියන් විදුහල් පළමු ඉනිම - ඕවර 51.2 කදී සියලු දෙනා දැවී 254  
(නිසිත අබිලාෂ් 58, දුනිත් ජයතුංග 58, ඉඳුවර ද අල්විස් 50, සන්දේෂ් ප්‍රනාන්දු 28, කළණ සංදීප නොදැවී 21, ඉම්ටියාස් සල්සා 70/4, ඉෂාන් රුහයිම් 52/3, මාධි නාමි 32/2)

සහිරා විදුහල් පළමු ඉනිම - ඕවර 65.1 කදී සියලු දෙනා දැවී 208
(ඉම්ටියාස් සල්සා 67, රාහිධ් රිස්වාන් 26, නලින් සෙයිත් 20, සුපුන් ප්‍රනාන්දු 48/6)

සෙබස්තියන් විදුහල් දෙවැනි ඉනිම - ඕවර 50 කදී සියලු දෙනා දැවී 175  
(කළණ සංදීප 34, ශෂික පෙරේරා නොදැවී 29, ඉෂාන් රුහයිම් 80/5, ඉම්ටියාස් සල්සා 55/3)

සහිරා විදුහල් දෙවැනි ඉනිම - ඕවර 24 කදී කඩුලු 3 ක් දැවී 92  
(අබ්දුල් මජීඞ් 43, අදීල් ඉසමර්ලි නොදැවී 21, ඉඳුවර ද අල්විස් 35/2)


-036


අදහස් (0)

ශාන්ත සෙබස්තියන් විදුහලට මුල් ඉනිමේ ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.