අන්තර් පාසල් වයස 19 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ බලංගොඩ ආනන්ද මෛත්‍රිය විදුහල සහ ගාල්ල විද්‍යාලෝක විදුහල අතර රත්ගම මහජන ක්‍රීඩාංගණයේදී පැවැති III කාණ්ඩයේ තරගයෙන් ඉනිමක සහ ලකුණු 24 ක ජයක් අත්කර ගැනීමට විද්‍යාලෝක විදුහල සමත් විය.
එහිදී විද්‍යාලෝක විදුහලේ සෙනිත් ප්‍රවීන් (76) අර්ධ ශතකයක් ලබාගත් අතර එම විදුහලේම සෙනිත් ප්‍රවීන් කඩුලු 5 ක්ද, උමංග ඉමංජන කඩුලු 4 ක්ද දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.
ආනන්ද මෛත්‍රිය විදුහල් පළමු ඉනිම - ඕවර 28 කදී සියලු දෙනා දැවී 62
(සංඛානාත් විශ්වමෙත් 32, සෙනිත් ප්‍රවීන් 11/3, හංසක කමෝෂ් 24/2, නදීර ඉෂාන් 07/2)
විද්‍යාලෝක විදුහල් පළමු ඉනිම - ඕවර 30 කදී කඩුලු 6 ක් දැවී 202
(සෙනිත් ප්‍රවීන් 76, සචිඳු සෞම්‍ය 34, ලක්ෂාන් සංදීප් නොදැවී 33, රමුදිත් දිසාල් 26, තරූෂ ප්‍රනාන්දු 36/2)
ආනන්ද මෛත්‍රිය විදුහල් දෙවැනි ඉනිම - ඕවර 39.2 කදී සියලු දෙනා දැවී 116
(ලිතිජ කල්හාර 37, අෂේන් මෝසස් 30, උමංග ඉමංජන 49/4, නදීර ඉෂාන් 15/3, සෙනිත් ප්‍රවීන් 17/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.