Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකින් ටෙස්ට් කඩුලු 350 ක් ලබාගැනීම සම්බන්ධයෙන් මුත්තයියා මුරලිදරන් තබා තිබූ ටෙස්ට් තරග 66 වාර්තාව ඉන්දීය පිට දඟ පන්දු යවන්නා වන රවිචන්ද්‍රන් අශ්වින් විසින් අද (6 වැනිදා) සමකරන ලදි. ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර විශාකාපට්නම්හිදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ අවසන් දිනය වන අද පෙරවරුවේදී යවන ලද දෙවැනි ඕවරයේදී අශ්වින් මෙම කඩයිම සපුරා ගත්තේය.
දකුණු අප්‍රිකානු පිතිකරු තියුනිස් ඩි’බෘයින් අශ්වින්ගේ 350 වැනි ටෙස්ට් කඩුල්ල විය.
ටෙස්ට් කඩුලු 300 ක් දවාගත් ලොව පළමු වැනි පන්දු යවන්නා වූයේ එංගලන්ත පිලේ සිටි වේග පන්දු යවන්නකු වූ ෆ්‍රෙඞ් ටෲමන්ය. ඒ 1965 තරම් ඈතකදීය. 1960 දශකයේදී ටෙස්ට් කඩුලු 300 ක් යනු ඉහළ ඉලක්කයක් වූ නමුත් 1984 වන විට ලෝක වාර්තාව 355 දක්වා ඉහළට ගෙන ඒමට ඩෙනිස් ලිලී සමත් වූයේය. වසර 1990 දී ටෙස්ට් තරග බිමෙන් සමුගත් නවසිලන්තයේ ශ්‍රීමත් රිචඞ් හැඞ්ලි ලෝක වාර්තාව 431 ක් දක්වා ඉහළ දැමූ නමුත් ටෙස්ට් කඩුලු 350 ක් යනු හොඳ පන්දු යවන්නකුගේ සාධාරණ ඉලක්කයක් විය.
මුත්තයියා මුරලිදරන් සිය 66 වැනි ටෙස්ට් තරගයේදී 350 වැනි කඩුල්ල දවාගැනීමට පෙර එහි ලෝක වාර්තාව ෂතුවූයේ ශ්‍රීමත් හැඞ්ලි ෂතුවය. 350 වැනි කඩුල්ල දවාගැනීමට ශ්‍රීමත් රිචඞ් හැඞ්ලිට තරග 69 ක් අවශ්‍ය විය.
වසර 2001 දී බංග්ලාදේශයට එරෙහිව තරග කරමින් 350 වැනි කඩුල්ල දවාගත් මුරලිදරන් ශ්‍රීමත් හැඞ්ලිගේ වාර්තාව තමන් සතුකරගත්තේය. මුරලිදරන්ගේ වාර්තාව සමකළ අශ්වින් 2017 සිට ක්‍රීඩා කරන්නේ ටෙස්ට් තරග සඳහා පමණි.
ටෙස්ට් තරග 70 කට අඩුවෙන් කඩුලු 350 කඩයිම පසුකළ පන්දු යවන්නෝ
66 - මුත්තයියා මුරලිදරන් (ශ්‍රී ලංකාව)
66 - රවිචන්ද්‍රන් අශ්වින් (ඉන්දියාව)
69 - ශ්‍රීමත් රිචඞ් හැඞ්ලි (නවසීලන්තය)
69 - ඬේල් ස්ටේන් (දකුණු අප්‍රිකාව)
70 - ග්ලෙන් මැග්‍රාත් (ඕස්ටේ්‍රලියාව)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.