Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news මීගමුව - එන්.සී.සී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

මීගමුව - එන්.සී.සී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

රොෂාන් ගුණරත්න - 2020 පෙබ මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක්‍රිකට් තරගාවලියේ ‘ඒ’ ශ්‍රේණිය යටතේ පැවැත්වෙන තරගාවලියේ තෙවැනි සතිය අවසන් වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට ‘ඒ’ කාණ්ඩයෙන් මීගමුව පිලත්, ‘බී’ කාණ්ඩයෙන් එන්.සී.සී පිලත් සමත්විය.

තරග තුනකට ක්‍රීඩාකර එක් පූර්ණ ජයක් සහ එක් පළමු ඉනිමේ ජයක් සමගින් ප්‍රසාද ලකුණු 38.315 ක් ලබාගත් මීගමුව පිල ‘ඒ’ කාණ්ඩයෙන් පෙරමුණ ගත් අතර එන්.සී.සී පිල තරග 3 කට සහභාගිවී එම තරග තුනේදීම පළමු ඉනිමේ ජයග්‍රණ ලබාගනිමින් ප්‍රසාද ලකුණු 36.98 ක් සමගින් ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගැනීමට සමත්විය.

දෙවැනි සතිය අවසන් වනවිට ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසුවූ මීගමුව පිල තෙවැනි සතිය අවසන් වනවිට ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට සමත්විය.


අදහස් (0)

මීගමුව - එන්.සී.සී ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.