Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසරකට ආසන්න කාලයක් තිස්සේ විරෝධතා හේතුවෙන් කල් දැමීමට සිදුවූ ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ නිලවරණය අද (27 වැනිදා) පෙරවරු 10.00 ට රීඩ් මාවත ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට නියමිතය. එහිදී සභාපති ධුරය සඳහා මහනුවර දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ සභාපති තිස්ස හේවාවිතාරණ මහතාත්, කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ සභාපති සංජීව පෙරේරා මහතාත් ඉදිරිපත් වී සිටිති.
විධායක සභාවේ සභාපති, ලේකම්, භාණ්ඩාගාරික, උප සභාපති (ධුර 5), උපලේකම්, උප භාණ්ඩාගාරික හා කමිටු සාමාජික ධුර පහක් පිරවීම සඳහා මෙවර පැවැත්වෙන නිලවරණයට සහභාගිවන දිස්ත්‍රික් හා ව්‍යවස්ථාපිත මල්ලවපොර සංගම් ගණන 10කි.
මෙවර නිලවරණය කැඳවීමේ දී එක් පාර්ශ්වයක් ලෙස නාමයෝජනා ඉදිරිපත් කර තිබෙන කොළඹ දිස්ත්‍රික් සංගමය දිගින් දිගටම හිටපු නිලධාරීන්ට එරෙහිව දූෂණ හා අක්‍රමිකතා චෝදනා නගමින් ගොනු කළ විරෝධතා හේතුවෙන් එය අවස්ථා කීපයකදීම කල් දැමීමට හේතු විය. මෙම විරෝධතාවන්හි ප්‍රබලතාව කෙතෙක්ද යත් මෙම ඇතැම් විරෝධතා ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයට ද පැමිණිලි ලෙස ඉදිරිපත් විය.
පසුගිය නොවැම්බර් මාසයේ 30 වැනිදා සිට පමණක් නිලවරණය පැවැත්වීමට ගත් උත්සාහයන් හතරක් අසාර්ථක වූයේ දිගින් දිගටම එල්ල වූ මෙම විරෝධතා හේතුවෙනි.
කෙසේ වුවත් අද නිලවරණය කැඳවීමට එරෙහිව ද කොළඹ දිස්ත්‍රික් සංගමය යොමු කළ විරෝධතාවයත් ක්‍රීඩා අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කළ බවද වාර්තා වේ.
මෙවර නිලවරණයේ දී ප්‍රධාන ලේකම් ධුරයට අජන්ත රත්නායක (ගම්පහ) හා ජේ.ආර්. මෙන්ඩිස් (කොළඹ) නාමයෝජනා බාර දී සිටිති. භාණ්ඩාගාරික ධුරයට කළුතර දිස්ත්‍රික් සංගමයේ දිනේෂ් ක්‍රිෂාන්ත මහතා පමණක් නාමයෝජනා බාර දී තිබෙන බැවින් ඔහුගේ පත්වීම නිතරගයෙන් සිදු වනු ඇත.
උප සභාපතිධුර පහක් හා විධායක කමිටු ධූර පහක් සඳහා කොළඹ හා මහනුවර ප්‍රධාන දෙපාර්ශ්වයෙන් නාම යෝජනා බාර දී තිබේ. උප ලේකම් ධුරයට ඩී.පී. රණසිංහ (නාවික හමුදාව) හා එම්.එස්. මුවීස් (කොළඹ) යන මහත්වරු තරග වදියි. උප භාණ්ඩාගාරික ධුරය සඳහා ද නාමයෝජනා ඉදිරිපත් කර ඇත්තේ කුරුණෑගල සංගමයේ බී.ඩී.එම්.ඩී. සඳමාලි මහත්මිය පමණකි. මෙවර මල්ලව පොර සම්මේලනයේ විධායක සභාවේ එකම කාන්තා පත්වීම එය වනු ඇත.
මෙවර නිලවරණයේ දී ඡන්ද බලය දිස්ත්‍රික් හා ව්‍යවස්ථාපිත සංගම් 10කට සීමාවී තිබුණත් ක්‍රියාකාරී නොවීම හේතුවෙන් තවත් දිස්ත්‍රික් හා ව්‍යවස්ථාපිත මල්ලවපොර සංගම් හතකට නිලවරණයේ දී ඡන්ද බලය අහිමිව තිබේ.
කොවිඩ් උවදුර හේතුවෙන් මෙරට මල්ලව පොර දේශීය තරග සංවිධානය හා ජාත්‍යන්තර තරග සහභාගිත්වය පසුගිය වසරකට ආසන්න කාලයක් පුරා අක්‍රියව පැවතුණි.
කෙසේ වුවත් ශ්‍රී ලංකාව මල්ලව පොර පරිපාලනයේ ආරවුල් පසුගිය කාලය පුරාම දක්නට ලැබුණි.
ශ්‍රී ලංකාව සහභාගි වූ අවසන් ජාත්‍යන්තර මල්ලවපොර තරගාවලිය 2019 දෙසැම්බර් මාසයේ නේපාලයේ පැවැති 13 වැනි සාෆ් ක්‍රීඩා උළෙලයි. එහිදී ශ්‍රී ලංකාව රන් පදක්කම් 2ක්, රිදී පදක්කම් 10ක් හා ලෝකඩ පදක්කම් 2ක් දිනාගෙන තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.