අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ කොළඹ ශාන්ත ජෝෂප් විදුහල සහ කොළඹ නාලන්දා විදුහල අතර නාලන්දා විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති I කාණ්ඩයේ තරගයෙන් පළමු ඉනිමේ ජයක් අත්කර ගැනීමට නාලන්දා විදුහල සමත් විය.
එහිදී පිත්තෙන් මෙන්ම පන්දුවෙන්ද එකසේ දස්කම් දැක්වූ නාලන්දා විදුහලේ පවන් ජයවර්ධන නොදැවී ලකුණු 75 ක් රැස්කරමින් ලකුණු 36 කට කඩුලු 5 ක්ද බිඳහෙළීය.
ශාන්ත ජෝෂප් විදුහල් පළමු ඉනිම - ඕවර 42.5 කදී සියලු දෙනා දැවී 87
(කෙනෙත් සස්වින නොදැවී 49, පවන් ජයවර්ධන 36/5, හසිත රත්නායක 16/2)
නාලන්දා විදුහල් පළමු ඉනිම - ඕවර 49 කදී කඩුලු 6 ක් දැවී 194
(පවන් ජයවර්ධන නොදැවී 75, මනූප මන්විත 44, සත්මින සේරසිංහ 42, දුනිත් පෙරේරා 20/3)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.