Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news තිළිණ විජේසිංහට වසර 4 ක තහනමක්

තිළිණ විජේසිංහට වසර 4 ක තහනමක්

යොහාන් භාසුර - 2020 දෙසැ මස 04 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා ජාතික රග්බි කණ්ඩායමේ සහ මහනුවර රග්බි කණ්ඩායමේ ප්‍රබල ක්‍රීඩකයකු වන තිළිණ විජේසිංහට වසර හතරක තහනමක් පැනවීමට අන්තර්ජාතික රග්බි සංගමය පියවර ගෙන තිබේ. ශ්‍රී ලංකා රග්බි පිටියේ ප්‍රබල ෆුල්බැක් ක්‍රීඩකයකු වන තිළිණ විජේසිංහට මෙම තහනමත් සමඟ 2023 වසරේ අගෝස්තු මස 20 වැනිදා දක්වා රග්බි ක්‍රීඩාවේ කිසිඳු කාර්යකට සහභාගි විය නොහැක.

 ඔහුගේ තහනම 2019 වසරේ අගෝස්තු මස 21 වැනිදා සිට ක්‍රියාත්මක වේ.  

ශ්‍රී ලංකා රග්බි සංගමයේ සංවිධානය කළ 2019 - 2020 තරගාවලියේ මහනුවර පිල නියෝජනය කරමින් සිටියදී තිළිණ විජේසිංහ තහනම් උත්තේජක ගැනීම සම්බන්ධ පරීක්‍ෂණයට ලක්කළ අතර පසුගිය පෙබරවාරි මස 20 වැනිදා ඔහු වැරදිකරු බවට තීරණය කර තිබුණි.

ලෝක ‘කොවිඞ් 19’ වසංගත තත්ත්වය හේතුවෙන් තිළිණට දඩුවම් පැනවීම ප්‍රමාද වී ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා රග්බි පිටියේ නමගිය ගෝල ප්‍රවර්ථකයකු ද වන 26 හැවිරිදි තිළිණට මෙම දඩුවමට එරෙහිව අභියාචනයක් යොමු කිරීමේ හැකියාව ද තිබේ.

මෙම සිද්ධිය පිළිබඳව ශ්‍රී ලංකා රග්බි සංගමයේ සභාපති රිස්වි ඉල්ලියාස් මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ දක්‍ෂ ක්‍රීඩකයකු මෙවැනි තහනමකට ලක්වීම පිළිබඳව කණගාටු වන බවයි.

“අපි අන්තර් සමාජ තරගාවලිවලදී තහනම් උත්තේජ පිළිබඳව ක්‍රීඩකයන් සහ ක්‍රීඩා සමාජ දැනුවත් කරනවා නිරන්තරයෙන් දැනුවත් කරනවා. නමුත් ඔවුන් ඒවට අනුගත බවක් පෙන්න නෑ” යැයි ඉල්ලියාස් මහතා වැඩි දුරටත් පැවසීය.

 


අදහස් (0)

තිළිණ විජේසිංහට වසර 4 ක තහනමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.