Last Update  :  2024-03-29 19:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ජපානය කොරෝනා ප්‍රතිරෝධී එන්නත අනුමත කරයි

ජපානය කොරෝනා ප්‍රතිරෝධී එන්නත අනුමත කරයි

editorial - 2021 පෙබ මස 14 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කල් දැමූ ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සත්කාරකත්වය දැක්වීමේ බලාපොරොත්තු පෙරදැරිව, ජපානය සිය පළමු කොරෝනා වයිරස් එන්නත අනුමත කළේය. ‘ෆයිසර්’ එන්නත සඳහා සෞඛ්‍ය අමාත්‍යවරයා අද විශේෂ අනුමැතියක් ලබා දී ඇතැයි ජපානයේ අගමැති කාර්යාලය ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේය.

ජපානය ‘ෆයිසර්’ මෙන්ම ‘බයෝ එන්ටෙක්’ එන්නත වෛද්‍ය සේවකයින් 10,000 ත් 20,000 ත් අතර පිරිසකට බදාදා සිටම ලබා දීමට අපේක්ෂා කරයි. මිලියන 126 ක ජනගහනයක් සිටින ජපානයේ සෙසු පුරවැසියන්ට එන්නත දෙන නිශ්චිත කාලසටහනක් රජය තවමත් හඳුන්වා දී නැත. 

කොවිඩ් -19 බලපෑම දිගින් දිගටම තිබෙන නමුත් ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නිශ්චිත වශයෙන්ම පැවැත්වෙන බව ඔලිම්පික් නිලධාරීහු අවධාරණය කර සිටිති. ඔලිම්පික් උළෙලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහ අනෙකුත් සහභාගිවන්නන්ට එන්නත ලබාගන්නා ලෙස උනන්දු කෙරෙන නමුත් කිසිම ආකාරයක බලකීරීමක් නොකෙරෙනු ඇත. 

ෆයිසර් එන්නතෙහි සෑම කුප්පියකින්ම සම්පූර්ණ මාත්‍රා හය ලබා ගත හැකි තරමේ විශේෂ සිරින්ජ තනාගැනීමට ජපානය උත්සාහ කරයි. ජපානයේ බහුලව භාවිතා වන සිරින්ජ වලට මාත්‍රා පහක් පමණක් ඇද ගත හැකිය. එබැවින් ඉතිරිවන මාත්‍රාව වෙනත් සිරින්ජයක් යොදාගැනීම වෙනුවට මාත්‍රා හයම ඇදගත හැකි සිරින්ජ නිෂ්පාදනය කෙරේ ජපානය උනන්දු වී සිටී. 

කොරෝනා ප්‍රතිරෝධී එන්නත් වර්ග කිහිපයකි. ෆයිසර්, බයෝ එන්ටෙක් සහ ඇස්ට්‍රාසෙනාකා යනු එම එන්නත් වර්ග වේ. 

- 213


අදහස් (0)

ජපානය කොරෝනා ප්‍රතිරෝධී එන්නත අනුමත කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.