Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news කාන්තා පාපන්දු කණ්ඩායම ඉන්දුනීසියාවට

කාන්තා පාපන්දු කණ්ඩායම ඉන්දුනීසියාවට

නාමල් පතිරගේ - 2019 නොවැ මස 08 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සුහද ජාත්‍යන්තර තරග දෙකකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම ලබන අඟහරුවාදා (12) ඉන්දුනීසියාවේ සංචාරයක් අරඹයි. ජකර්තා නුවර දී ඉන්දුනීසියානු ජාතික කාන්තා පාපන්දු කණ්ඩායමට එරෙහිව ලබන බ්‍රහස්පතින්දා හා සෙනසුරාදා (14 සහ 16) ඔවුන් එම තරග දෙකකට සහභාගි වේ.

වසර 2016 දෙසැම්බර් මාසයේ දී පැවැති සාෆ් ශූරතා තරගාවලියෙන් පසුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තර කාන්තා පාපන්දු තරගයක් සඳහා සහභාගි වන පළමු අවස්ථාව මෙයයි.

වසර 2016 දී ශ්‍රී ලංකාව සහභාගි වූ ජාත්‍යන්තර කාන්තා පාපන්දු තරග අටක දී ඔවුන් ජයගෙන ඇත්තේ තරග දෙකක් පමණි. සිංගප්පූරුව සමඟ පැවති සුහද තරගයක දී (1-0) හා සාෆ් ශූරතා තරගාවලියේ තරගයක දී භූතානයට එරෙහිව (2-0) එම තරග ජයග්‍රහණ ශ්‍රී ලංකාව අත්කර ගෙන තිබේ.

ශ්‍රී ලංකා කාන්තා පාපන්දු කණ්ඩායම දෙසැම්බර් 1 වැනිදා නේපාලයේ ‘කත්මණ්ඩු’ නුවර දී ඇරඹෙන 13 වනි සාග් ක්‍රීඩා උළෙලේ කාන්තා පාපන්දු තරගාවලියටද සහභාගි වේ. ඊට පෙරහුරුවක් ලෙස ජාතික කාන්තා පාපන්දු කණ්ඩායම ‘ජකර්තා’ නුවර තරග සංචාරයට සහභාගි වේ.

ලෝක පාපන්දු (කාන්තා) ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව දැන් පසුවන්නේ 138 වැනි ස්ථානයේය. ඒ රටවල් 161ක් අතුරිනි. ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවේ ස්ථානය රටවල් 31 ක් අතරින් 28 වැනි ස්ථානය වේ.

ජකර්තා තරග සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරු ලෙස ක්‍රීඩා අමාත්‍යාංශයේ පාපන්දු ව්‍යාපෘති නිලධාරී තිලක් අල්පොන්සෝ මහතා කටයුතු කරයි. ඔහු දකුණු ආසියානු ශූරතා කනිෂ්ඨ කාන්තා හා පිරිමි පාපන්දු ශූරතා තරගාවලි කීපයක දීම මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම් වල පුහුණුකරු ලෙස කටයුතු කර තිබේ.
කණ්ඩායම් කළමනාකරු ලෙස ෂිරාන් රත්නායක මහතාත් කණ්ඩායමේ නායිකාව ලෙස රුසිනි ගුණවර්ධනත් කටයුතු කරති.

ශ්‍රී ලංකාවේ ක්‍රීඩා සමාජ කාන්තා පාපන්දු ක්‍රීඩාව මේ වන විට වඩාත් පසුබෑමකට ලක්ව තිබෙන අතර ඊට හේතුව කාත්තා පාපන්දු ක්‍රීඩාවේ නිරත වන දිවයිනේ ක්‍රීඩා සමාජ ගණන ඉතා අඩු මට්ටමක තිබීමයි.

අන්තර් සමාජ වාර්ෂික කාන්තා පාපන්දු තරගාවලිය සඳහා කණ්ඩායම් සහභාගිත්වය ත්‍රිවිධ හමුදා, පොලිසිය හා පාසල් කීපයකට පමණක් සීමා වී තිබේ. එසේ වුවත් කාන්තා පාපන්දු ක්‍රීඩාව සඳහා ද ශ්‍රී ලංකාවට සාමාජික රටකට හිමි ආධාර මුදල් හා යටිතල පහසුකම් අන්තර් ජාතික පාපන්දු සම්මේලනයෙන් හා ආසියානු පාපන්දු සමුළුවෙන් වාර්ෂිකව ප්‍රදානය කෙරේ.

අවසන්වරට පැවති 2016 සාග් ක්‍රීඩා උළෙලේ පාපන්දු (කාන්තා) තරගාවලියේ එක් තරගයකදී මාල දිවයිනට ශ්‍රී ලංකාව ගෝල 14-0 ක දැවැන්ත පරාජයක් ලැබීය. එහෙත් මේ වන විට ලෝක කාන්තා පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව මාලදිවයින ශ්‍රී ලංකාවට වඩා පසුපසින් සිටින්නේ 140 වැනි ස්ථානයේය.

 


අදහස් (0)

කාන්තා පාපන්දු කණ්ඩායම ඉන්දුනීසියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.