Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ක්‍රිකට් ක්‍රීඩාව ගැන දැඩි තීරණ ගන්නවා

ක්‍රිකට් ක්‍රීඩාව ගැන දැඩි තීරණ ගන්නවා

editorial - 2021 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(කළුතර සුනිල් එස්. තන්ත්‍රිආරච්චි)

අප රටේ ක්‍රිකට් ක්‍රීඩාව සතුටුදායක තත්ත්වයක නැහැ. ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි තීන්දු තීරණ ගන්නවා යැයි තරුණ කටයුතු හා ක්‍රීඩා ඇමැති නාමල් රාජපක්ෂ මහතා කළුතරදී ප්‍රකාශ කළේය. ඒ මහතා එසේ ප්‍රකාශ කළේ අගමැති කාර්යාලයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ග්‍රාමීය ආර්ථිකය නගාසිටුවීමේ ජාතික වැඩසටහනට අදාළව කළුතර දිස්ත්‍රික් කමිටු රැස්වීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමිනි.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා ඇමතිවරයා මෙසේද කීය.

එංගලන්ත ක්‍රිකට් සංචාරයට අදාළ තරග පැවැත්වෙමින් තිබියදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වීම ක්‍රීඩකයින්ගේ මානසික තත්ත්වයට හොඳ නැහැ. කෙසේ වුවත් මා මේ පිළිබඳවව ක්‍රිකට් පාලක මණ්ඩලය සමගත් සාකච්ඡා කර තිබෙනවා. ඉදිරියේදී රටේ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධයෙන් දැඩි තීන්දු තීරණ ගන්නවා.

දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට අවස්ථාවක් ලබාදීම සඳහා ක්‍රීඩා පුහුණු පාසලක් ආරම්භ කිරීමට රුපියල් මිලියන 25ක් වෙන්කර තිබෙනවා.

සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකටම එක් ක්‍රීඩාංගණයක් අංග සම්පූර්ණ ක්‍රීඩාංගණයක් බවට පත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 50ක්  බැගින් වෙන්කර තිබෙනවා. ඒ වගේම ක්‍රීඩා පිටි පිරිසිදු කිරීම සඳහා ප්‍රතිපාදන වෙන් කරනවා. ඒ සඳහා යෞවන සමාජ හා ක්‍රීඩා සමාජය සම්බන්ධ  කරගත යුතුයි. ඒ වගේම ක්‍රීඩා භාණ්ඩ සංචිතයක්ද ඇති කරනවා.
මේ සියළු කටයුතුවලින් අප බලාපොරොත්තු වන්නේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් යුත් සංචිතයක් හදා ගැනීමයි.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති චන්දිම එදිරිමාන්න සහ පාර්ලිමේන්තු මංත්‍රි ලලීත්‍ එල්ලාවල යන මහත්වරුද මීට එක්ව සිටියහ.


අදහස් (0)

ක්‍රිකට් ක්‍රීඩාව ගැන දැඩි තීරණ ගන්නවා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.