Last Update  :  2024-04-17 22:18:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news ආසියානු සත් සාමාජික තරගාවලිය අවලංගුයි

ආසියානු සත් සාමාජික තරගාවලිය අවලංගුයි

editorial - 2020 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

කෝවිඞ් 19 වයිරසය පැතිරයාමේ අවදානම හේතුවෙන් චීනයේ, දකුණු කොරියාවේ සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිතව තිබූ ආසියානු සත්සාමාජික රග්බි තරගාවලි තුනම අවලංගු කර තිබේ.

කලින් පැවැති තරග කාලසටහනට අනුව මෙම තරගාවලි තුන අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිතව තිබිණ. එහෙත් වත්මන් තත්වය අනුව සියලුම සත්සාමාජික තරගාවලි සමග 20න් පහළ පිරිමි සහ කාන්තා ආසියානු රග්බි තරගාවලියත් අවලංගු කිරීමට ආසියානු රග්බි සංගමය තීරණය කර තිබේ.

ඒ අනුව දකුණු කොරියාව, හොංකොං සහ මැලේසියාව යන රටවල් සහභාගි වන පළමු, දෙවන සහ තෙවැනි කාණ්ඩවල තරගාවලි පමණක් පැවැත්වේ. ඊට අමතරව, 19න් පහළ තරගාවලියද පැවැත්වෙන අතර මෙම තරග ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය පුරා පැවැත්වීමට දැනට සැලසුම් කර තිබේ.

පළමු කාණ්ඩයට අයත් ක්‍රීඩකයන් 15 දෙනාගේ තරගාවලියක් නොවැම්බර් හෝ දෙසැම්බර් මාසවලදී ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට නියමිත අතර, 19න් පහළ වයස් කාණ්ඩයේ හොඳම කණ්ඩායම් හතර දෙසැම්බරයේදී මහනුවරදී හෝ කොළඹදී මුණගැසීමට නියමිතය.


අදහස් (0)

ආසියානු සත් සාමාජික තරගාවලිය අවලංගුයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.