Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අවිශ්කගේ පිතිහරඹයෙන් හේලීස් අවසන් තරගයට

අවිශ්කගේ පිතිහරඹයෙන් හේලීස් අවසන් තරගයට

රොෂාන් ගුණරත්න - 2020 ජන මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අවිශ්ක ප්‍රනාන්දුගේ (නොදැවී 92) විශිෂ්ට පිතිහරඹය හමුවේ වෙළඳ සේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහ තරගය සඳහා සුදුසුකම් ලබාගැනීමට හේලීස් පිල ඊයේ (25 වැනිදා) සමත්විය.

වෙළඳ සේවා ක්‍රිකට් සංගම් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති දෙවැනි අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන පිලට එරෙහිව කඩුලු 9 ක ජයක් හිමිකර ගැනීමට හේලීස් පිල සමත්විය.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන පිල ඕවර 20 අවසානයේදී කඩුලු 8 ක් දැවී ලකුණු 146 ක් රැස්කිරීමට සමත්විය.

විශාද් රංදික ලකුණු 43 ක්, දුෂාන් විමුක්ති ලකුණු 34 ක් සහ නිම්නද සුභසිංහ ලකුණු 22 ක් ලබාගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් නැගී එන පිලේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමීමට සමත්වූහ. ළහිරු සමරකෝන් කඩුලු 4 ක් සහ චතුරංග ද සිල්වා කඩුලු 2 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වූහ.

ජයග්‍රහණය සඳහා ලකුණු 147 ක ඉලක්කයක් හඹාගිය හේලීස් පිල කඩුල්ලක් පමණක් අහිමිකර ගනිමින් ඉලක්කය පහසුවෙන් ජයගැනීමට සමත්විය.

එහිදී ප්‍රවේගකාරී ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු අර්ධ ශතකයක් (නොදැවී 92) ලබාගනිමින් පිත්තෙන් දස්කම් දැක්වූ අතර රොන් චත්ද්‍රගුප්ත නොදැවී ලකුණු 39 ක් ලබාගනිමින් සිය කණ්ඩායමේ ජයග්‍රහණයට දායක විය.


නැගී එන කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 8 ක් දැවී ලකුණු 146
(විශාද් රංදික 43, දුෂාන් විමුක්ති 34, නිම්නද සුභසිංහ 22, ළහිරු සමරකෝන් 40/4, චතුරංග ද සිල්වා 14/2)

හේලීස් - ඕවර 16.5 කදී කඩුල්ලක් දැවී ලකුණු 150
(අවිශ්ක ප්‍රනාන්දු නොදැවී 92, රොන් චත්ද්‍රගුප්ත නොදැවී 39)

 


අදහස් (0)

අවිශ්කගේ පිතිහරඹයෙන් හේලීස් අවසන් තරගයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.