Last Update  :  2024-04-18 21:39:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අයර්ලන්ත ක්‍රීඩකයෝ කොදෙව් පිල පරදවති

අයර්ලන්ත ක්‍රීඩකයෝ කොදෙව් පිල පරදවති

editorial - 2020 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව පැවැති පළමු විස්සයි20 තරගයෙන් ලකුණු 4 ක තියුණු ජයක් අත්කර ගැනීමට අයර්ලන්ත කණ්ඩායම ඊයේ (15 වැනිදා) සමත් විය. එම ජයත් සමග දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි20 තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද අයර්ලන්ත කණ්ඩායමට හැකි විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 209 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 204 ක් පමණි. කොදෙව් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ආරම්භක පිතිකරු එවින් ලුවිස් පන්දු 29 කදී හයේ පහර 3 ක් සහ හතරේ පහර 6 ක් සමග ලකුණු 53 ක් රැස්කළේය.

ශිම්රන් හැට්මෙයර් (28) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 33 කදී ලකුණු 56 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ලුවිස් සමත් වූ අතර පන්දු 18 කදී වාර්තා වූ හැට්මෙයර්ගේ ඉනිමට හයේ පහර 3 ක් ඇතුළත් විය. නායක කිරන් පොලාඩ් පන්දු 15 කදී ලකුණු 31 ක් රැස්කළේ හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමගිනි.

දක්ෂ පන්දු යැවීමක නිතර වූ ජොෂුවා ලිට්ල් ලකුණු 29 කට කඩුලු 3 ක් දවාගනිමින් කොදෙව් පිතිකරුවන් අසරණ කළ අතර කොදෙව් කණ්ඩායමේ ජයග්‍රාහී මාවත අවහිර කිරීම සඳහා ඔහුට අනගි සහායක් දුන් ක්‍රෙග් යංග් ලකුණු 31 කට කඩුලු 2 ක් බිඳහෙළීය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් අයර්ලන්ත කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 208 ක් ලබාගත් අතර එහිදී ප්‍රවේගකාරී පිතිහරඹයක නිතර වූ පෝල් ස්ටෙයාර්ලින් පන්දු 47 කදී හයේ පහර 8 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 95 ක් රැස්කළේය.

කෙවින් ඕ’බ්‍රයන් (48) සමග එක්ව ආරම්භක කඩුල්ල සඳහා පන්දු 75 කදී ලකුණු 154 ක වේගවත් සම්බන්ධතාවක් ගොඩනැගීමටද ස්ටෙයාර්ලින් සමත් වූ අතර පන්දු 32 කට මුහුණදුන් බ්‍රයන් හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසුවේය. එහිදී ගැරීක් ඩෙලනි පන්දු 12 කදී ලකුණු 19 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි.


අයර්ලන්ත පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 208
(පෝල් ස්ටෙයාර්ලින් 95, කෙවින් ඕ’බ්‍රයන් 48, ගැරීත් ඩෙලනි 19, ගැරී විල්සන් 17, ඞ්වේන් බ්‍රාවෝ 28/2, ශෙල්ඩන් කොට්‍රල් 37/2, ඛැරී පෙයිරි 45/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල - ඕවර 20 කදී කඩුලු 7 කට 204
(ලෙන්ඞ්ල් සිමන්ස් 22, එවින් ලුවිස් 53, ශිම්රන් හැට්මෙයර් 28, කිරන් පොලාඞ් 31, නිකලස් පූරන් 26, ශර්ෆේන් රදර්ෆෝඞ් 26, ජොෂුවා ලිට්ල් 29/3, ක්‍රෙග් යංග් 31/2)

 

-036
 

 


අදහස් (0)

අයර්ලන්ත ක්‍රීඩකයෝ කොදෙව් පිල පරදවති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.