Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Latest news අන්තර් පාසල් රග්බි තරගාවලිය දින දෙකකට සීමාවෙයි

අන්තර් පාසල් රග්බි තරගාවලිය දින දෙකකට සීමාවෙයි

යොහාන් භාසුර - 2020 අගෝ මස 05 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


උසස් පෙළ විභාගය නැවත කල්යෑමත් සමඟ අන්තර් පාසල් වයස 19 න් පහළ ‘ඩයලොග්’ කුසලාන ලීග් රග්බි තරගාවලිය දෙදින තරගාවලියක් බවට පත්වීමට බොහෝ දුරට ඉඩ ඇති බව ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති සුසන්ත මෙන්ඩිස් මහතා පැවසීය. පාසල් රග්බි සංගමයේ විධායක කමිටු රැස්වීමක් පසුගියදා පැවැති අතර එහිදී අන්තර පාසල් 19 න් පහළ තරගාවලිය දෙදින තරගාවලියක් ලෙසින් පැවැත්වීමට යෝජනා වී තිබේ.

“උසස් පෙළ විභාගය නොවැම්බර් මස මැද දක්වා යනවා. ඉන් පසුව දෙසැම්බර් මස සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙනවා. ඒ අනුව අපිට ලීග් තරගාවලිය පැවැත්වීමට තියෙන අවස්ථාව ඉතාමත්ම අඩුයි”

“වයස 19 න් පහළ තරගාලිය එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 10 දෙනා බැගින් වන පරිදි දෙදින තරගාවලියක් වෙන්න පුළුවන්. එම තරගාවලිය ජනවාරි මාසයේදී පැවැත්වීමට යෝජනා වී තිබෙනවා” යයිද සුසන්ත මෙන්ඩිස් මහතා පැවසීය.

අන්තර් පාසල් ලීග් තරගාවලිය ජනවාරි සහ පෙබරවාරි මාසවල හෝ පවත්වන ලෙෂ ශ්‍රී ලංකා රග්බි සංගමයද පාසල් සංගමයෙන් ඉල්ලා තිබේ. එහෙත් ඒ ආකාරයට ලීග් තරගාවලිය පැවැත්වීම අසීරු විය හැකි බවද උප සභාපතිවරයා පැවසීය.

අන්තර් පාසල් රග්බි තරගාවලියේ දෙවැනි සතියේ තරග පැවැත්වෙමින් තිබියදී පැතිර ගිය කොරෝනා වසංගතය හේතුවෙන් පසුගිය මාර්තු මස 13 වැනිදා තරගාවලිය අත්හිටුවීමට සිදුවිය.   
 


අදහස් (0)

අන්තර් පාසල් රග්බි තරගාවලිය දින දෙකකට සීමාවෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.