
අන්තර් පාසල් වයස 17 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ II කොටස යටතේ මිනුවන්ගොඩ නාලන්දා මැදි විදුහල සහ කොළඹ ශාන්ත ජොෂප් විදුහල් ‘බී’ කණ්ඩායම අතර ශාන්ත ජොෂප් විදුහල් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් ලකුණු 34 ක ජයක් අත්කර ගැනීමට නාලන්දා මැදි විදුහල සමත් විය.
එහිදී නාලන්දා මැදි විදුහලේ කවිෂ්ක ලක්ෂාන් ලකුණු 10 කට කඩුලු 5 ක් දවාගනිමින් දක්ෂ පන්දු යැවීමක නිරත වූ අතර එම විදුහලේම චානක සමීර (51) අර්ධ ශතකයක් ලබාගත්තේය.
නාලන්දා මැදි විදුහල - ඕවර 49.3 කදී සියලු දෙනා දැවී 183
(චානක සමීර 51, සලිඳු මල්මින 42, විමුක්ති සෙනෙවිරත්න 24/4, තිලෙන් පුංචිහේවා 30/2, ෂෙවෝන් අබේරත්න 31/2)
ශාන්ත ජොෂප් විදුහල් ‘බී’ පිල - ඕවර 41.5 කදී සියලු දෙනා දැවී 149
(තාරුක මුතුහර 42, ෂෙරෝන් පෙරේරා 34, විමුක්ති සෙනෙවිරත්න 26, කවිෂ්ක ලක්ෂාන් 10/5, තාරුක ජනිත් 38/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.