
බදුල්ල වින්සන්ඞ් ඩයස් පිටියේදී 45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලිය අනිද්දා (25) පෙරවරු 6.30 ට ආරම්භ වන්නේ මීටර 10000 (පිරිමි) ඉසව්වෙනි. හෙට සිට ඉරිදා (27) දක්වා මලල ක්‍රීඩා ඉසව් මෙම පිටියේදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. හෙට දිනයේදී මලල ක්‍රීඩා ඉසව් අවසන් තරග 13 ක් පැවැත්වීමට කටයුතු යොදා තිබේ.
කෙසේවුවත් ක්‍රීඩා උළෙල සඳහා නවීකරණ කටයුතු සිදු කළ බදුල්ල වින්සන්ඞ් ඩයස් පිටියේදී මෙම තෙදින මලල ක්‍රීඩා තරගාවලිය පැවැත්වීමේදී එහි සාර්ථකත්වයට වර්ෂාවෙන් දැඩි බලපෑමක් එල්ලවනු ඇතැයි අපේක්ෂා කෙරේ. තණකොල සහිත ධාවන පථයකදී පැවැත්වෙන ධාවන ඉසව් සඳහා වර්ෂාවෙන් දැඩි බලපෑමක් එල්ලවීමේ ඉඩක් පවතී. කෙසේවුවත් දිවයිනපුරා පසුගිය දින කීපය පුරා වර්ෂාව ඇද හැලුණත් පෙරේදා (22) දිනයේ බදුල්ල නගරයට ඇද හැලුණු වර්ෂාවේ අඩුවක් දක්නට ලැබුණි.
පොළොන්නරුවේදී පැවැති පසුගිය ජාතික මහා ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා තරගාවලියේදී කැපී පෙනුණු සිදුවීම වූයේ බස්නාහිර පළාත අභිබවමින් දකුණු පළාත වැඩි රන් පදක්කම් ගණනක් දිනා ගැනීමය. එහිදී දකුණු පළාත රන් පදක්කම් 13ක් දිනා ගත් අතර බස්නාහිර පළාතට හිමිවුණේ රන් පදක්කම් අටක් පමණි.
ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය අද (24) පස්වරු 2.30 ට ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. අද පස්වරුවේදී ජාතික ක්‍රීඩා උළෙල නිල වශයෙන් ආරම්භ කරමින් ගිණිසිළුව දැල්වීමේ අවස්ථාව හිමිකරගෙන සිටින්නේ මීටර් 400 කඩුලු පැනීමේ හිටපු ජාතික ශූරයකු වන හරිජන් රත්නායක හා පාපන්දු ක්‍රීඩිකා ෂානිකා රණසිංහයි.
45 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ කණ්ඩායම් ශූරතාලාභියෝ
■ වෙරළ කබඩි
පිරිමි ශූරතාව - ඌව පළාත
කාන්තා ශූරතාව - නැගෙනහිර පළාත
■ වෙරළ වොලිබෝල්
පිරිමි ශූරතාව - වයඹ පළාත
කාන්තා ශූරතාව - නැගෙනහිර පළාත
■ පිහිනුම්
පිරිමි ශූරතාව - බස්නාහිර පළාත
කාන්තා ශූරතාව - බස්නාහිර පළාත
■ රග්බි
පිරිමි ශූරතාව - මධ්‍යම පළාත
කාන්තා ශූරතාව - සබරගමුව පළාත
■ හොකී
පිරිමි ශූරතාව - මධ්‍යම පළාත
කාන්තා ශූරතාව - මධ්‍යම පළාත
■ ක්‍රිකට් (සැහැල්ලු පන්දු)
පිරිමි ශූරතාව - බස්නාහිර පළාත
කාන්තා ශූරතාව - දකුණු පළාත
■ බැඞ්මින්ටන්
පිරිමි ශූරතාව - බස්නාහිර පළාත
කාන්තා ශූරතාව - බස්නාහිර පළාත
■ ජිම්නාස්ටික්
පිරිමි ශූරතාව - බස්නාහිර පළාත
කාන්තා ශූරතාව - බස්නාහිර පළාත
■ පැසිපන්දු
පිරිමි ශූරතාව - බස්නාහිර පළාත
කාන්තා ශූරතාව - බස්නාහිර පළාත
■ වූෂු (සන්දු)
පිරිමි ශූරතාව - සබරගමුව පළාත
කාන්තා ශූරතාව - බස්නාහිර පළාත
■ වූෂු (තාවුළු)
පිරිමි ශූරතාව - බස්නාහිර පළාත
කාන්තා ශූරතාව - බස්නාහිර පළාත
■ නෙට්බෝල්
කාන්තා ශූරතාව - මධ්‍යම පළාත
■ කැරම්
පිරිමි ශූරතාව - බස්නාහිර පළාත
කාන්තා ශූරතාව - බස්නාහිර පළාත
■ වොලිබෝල්
පිරිමි ශූරතාව - බස්නාහිර පළාත
කාන්තා ශූරතාව - වයඹ පළාත
■ එල්ලේ
පිරිමි ශූරතාව - බස්නාහිර පළාත
කාන්තා ශූරතාව - බස්නාහිර පළාත
■ කබඩි
පිරිමි ශූරතාව - ඌව පළාත
කාන්තා ශූරතාව - වයඹ පළාත
■ ටයිකොන්ඩෝ
පිරිමි ශූරතාව - සබරගමුව පළාත
කාන්තා ශූරතාව - සබරගමුව පළාත
■ චෙස්
පිරිමි ශූරතාව - මධ්‍යම පළාත
කාන්තා ශූරතාව - බස්නාහිර පළාත
■ මේස පන්දු
පිරිමි ශූරතාව - මධ්‍යම පළාත
කාන්තා ශූරතාව - වයඹ පළාත
■ කරාටේ දෝ
පිරිමි ශූරතාව - උතුරුමැද පළාත
කාන්තා ශූරතාව - බස්නාහිර පළාත
■ බර ඉසිලීම
පිරිමි ශූරතාව - මධ්‍යම පළාත
කාන්තා ශූරතාව - උතුරුමැද පළාත
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.