Last Update  :  2024-04-26 17:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Football ශූරයන්ගේ ලීගය - එෆ්.ඒ. කුසලාන කල්යයි

ශූරයන්ගේ ලීගය - එෆ්.ඒ. කුසලාන කල්යයි

editorial - 2021 මැයි මස 13 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

රට තුළ උද්ගතව පවතින හදිසි තත්වය හමුවේ ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලිය හා අන්තර් සමාජ එෆ්.ඒ. කුසලාන පාපන්දු තරගාවලිය දින දියමයක් නොමැතිව කල් දැමීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ. 

වසර දෙකක් තිස්සේ නොපැවැත්වුණු ශූරයන්ගේ ලීග් පාපන්දු තරගාවලිය ප්‍රමුඛතම ක්‍රීඩා සමාජ 10 ක සහභාගිත්වයෙන් මෙම මැයි මස අගභාගයේදී ආරම්භ කිරීමට පාපන්දු සම්මේලනය සූදානමින් සිටියේය. මෙම වසරේදී හඳුන්වා දුන් සුපර් ලීග් පාපන්දු තරගාවලියට පෙර දිවයිනේ ප්‍රමුඛතම පාපන්දු ලීග් තරගාලිය වූයේ ‘චැම්පියන්ස් ලීග්’ හෙවත් මෙම ශූරයන්ගේ තරගාවලියයි.

මින් පෙර ඒ සඳහා කණ්ඩායම් 18 ක් ක්‍රීඩා කළ අතර එහි කණ්ඩායම් 10ක් දැන් ආරම්භ වී තිබෙන ශ්‍රී ලංකා සුපර් ලීග් තරගාවලියට සුදුසුකම් ලබා තිබේ. 

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සභාපති අනුර ද සිල්වා මහතා ‘ලංකාදීප’යට පැවසුවේ වසර 2020 ට නියමිතව තිබූ ශූරයන්ගේ තරගාවලිය අත්හැර දමමින් කෙලින්ම 2021 වසරට නියමිත තරගාවලිය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇති බවයි.

අවසන් වරට පැවති 2018 තරගාවලියේ අවසන් ස්ථාන දෙක (17 හා 18) ලද මීගමුව යූත් හා බේරුවල ‘සුපර්සන්’ යන කණ්ඩායම් දෙක මෙවර තරගාවලියෙන් ඉවතට යයි. බේරුවල සුපර්සන් කණඩායම එම තරගාවලියේ අතරමග තහනමට ලක්විය. මෙවර තරගාවලියට අවසර ඉල්ලමින් ඔවුන් පාපන්දු සම්මේලනයට අභියාචනයක් ඉදිරිපත් කර තිබේ. 

ඒ වෙනුවට අන්තර් සමාජ පළමු පෙළ තරගාවලියේ ශූරතාව හා අනුශූරතාව ලද ‘පොලිස්’ හා මාවනැල්ල ‘සෙරන්ඩිබ්’ යන කණ්ඩායම් මෙවර ශූරයන්ගේ තරගාවලියට අලුතෙන් එක්වේ. එහෙත් පොලිස් ක්‍රීඩා සමාජය මීට පෙරත් ශූරයන්ගේ තරගාවලියේ ක්‍රීඩා කළ කණ්ඩායමකි.

අනුර ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසුවේ මෙම වසරට නියමිත එෆ්.ඒ. කුසලාන තරගාවලියේ මූලික වටයේ තරග පවත්වාගෙන යාමට පාපන්දු ලීගවලට උපදෙස් ලබාදී තිබුණු බවයි. 2021 වසරේ එෆ්.ඒ. කුසලාන තරගාවලියට අයදුම් කළ දිවයිනේ ක්‍රීඩා සමාජ හා කණ්ඩායම් ගණන 950 කට ආසන්නය.

මෙම වසරේදී කාන්තා පාපන්දු තරගාවලි කීපයක් පැවැත්වීමටද පාපන්දු සම්මේලනය උනන්දුවී සිටියදී රටේ වත්මන් තත්ත්වය හමුවේ එය කළ නොහැකි විය. 

 


අදහස් (0)

ශූරයන්ගේ ලීගය - එෆ්.ඒ. කුසලාන කල්යයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.