Last Update  :  2024-04-26 17:42:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Dialog Rugby මුතුතන්ත්‍රිට අවවාද කර නිදහස් කරයි

මුතුතන්ත්‍රිට අවවාද කර නිදහස් කරයි

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් සමාජ ‘ඩයලොග්’ කුසලාන පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ පසු වන සී. එච්. ඇන්ඞ් එෆ්. සී. පිල නියෝජනය කරන හිටපු ශ්‍රී ලංකා නායකයකු මෙන්ම ප්‍රබල ක්‍රීඩක සුදර්ශන මුතුතන්ත්‍රිට එරෙහිව අද (30) පැවැති විනය පරීක්‍ෂණයේදී ඔහුට අවවාද කර නිදහස් කර තිබේ.

පොලිස් පිලට එරෙහිව පසුගිය සතියේ පැවැති තරගයේදී කහ කාඞ්පත් දෙකකින් අවවාද ලැබීම නිසා සුදර්ශන විනය පරීක්‍ෂණයට ඉදිරිපත් වූ අතර එහිදී ඔහුට දඩුවම් පැනවීමක් නොවීය.

ශ්‍රී ලංකා රග්බි සංගමයේ තරගාවලි විනය පරීක්‍ෂණ නිලධාරී අරුණ ජයසේකර මහතා එම පරීක්‍ෂණය මෙහෙයවීය.

පසුගිය සතියේ තරගවල සිද්ධීන් පදනම් කරගෙන නාවික හමුදා පිලේ රදීෂ සෙනෙවිරත්න සහ හැවිලොක්ස් පිලේ රුමේෂ් මධුෂාන් විනය පරික්‍ෂණවලට පෙනී සිටි අතර ඔවුන් ද අවවාද කර නිදහස් කරන ලදී.   

 


අදහස් (0)

මුතුතන්ත්‍රිට අවවාද කර නිදහස් කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.