Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket ස්ටෝක්ස් - පෝප් එංගලන්ත පිල ඇදගෙන යති

ස්ටෝක්ස් - පෝප් එංගලන්ත පිල ඇදගෙන යති

editorial - 2020 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පෝට් එලිසබත්දී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය (16 වැනිදා) නිමාවන විට පන්දුවට පහර දෙමින් සිටි එංගලන්ත කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා කඩුලු 4 ක් දැවී ලකුණු 224 ක් ලබා සිටියේය.

පළමු දිනය සඳහා තරගය නතර කරන විට බෙන් ස්ටෝක්ස් හතරේ පහර 5 ක් සමග ලකුණු 38 ක්ද, ඔලී පෝප් හතරේ පහර 7 ක් සමග ලකුණු 39 ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටි අතර ඒ වන විට ඔවුන් දෙදෙනා එක්ව එංගලන්ත ඉනිමේ පස්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනගා තිබූ නොබිඳුණ සම්බන්ධතාව ලකුණු 76 කි.

එංගලන්ත ඉනිමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 70 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සැක් ක්‍රොව්ලි (44) සහ ඩොමිනික් සිබ්ලි (36) සමත් වූ අතර කගිසෝ රබාඩාගේ පන්දුවක් හමුවේ ඩීන් එල්ගා අතට උඩ පන්දුවක් දෙමින් සිබ්ලි දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් විය. ඔවුන් දෙදෙනාගේම ඉනිම්වලට හතරේ පහර 5 බැගින් ඇතුළත් විය.

මුලු ලකුණු සංඛ්‍යාව 103 ක් වන විට අර්ධ ශතකය පෙනි පෙනී සිටි සැක් ක්‍රොව්ලිටද ආපසු ක්‍රීඩාගාරයට යෑමට සිදුවූයේ ඇන්රිච් නොට්ජේගේ පන්දුවක් හමුවේ රාස් පැන්ඩර් ඩසන් අතට උඩ පන්දුවක් ලබාදීම හේතුවෙනි. ප්‍රබල දකුණු අප්‍රිකානු පන්දු යවන්නන් හමුවේ පන්දු 136 ක් පුරා සිය කඩුල්ල ආරක්ෂා කරගැනීමටද ක්‍රොව්ලි සමත් විය.

තෙවැනි පිතිකරුවා ලෙස පිටියට පිවිසි ජෝ ඩෙන්ලි හතරේ පහර 3 ක් සමග ලකුණු 25 ක් ලබා සිටියදී කේෂව් මහරාජ්ගේ පන්දුවක් හමුවේ කඩුල්ල මුවාකිරීමේ වරදට හසුවෙමින් දැවී ගියේය. කගිසෝ රබාඩාගේ පන්දුවක් කඩුල්ලේ වැදීම හේතුවෙන් පිටියෙන් ඉවත්ව යන විට නායක ජෝ රූට් හතරේ පහර 4 ක් සමග ලබා සිටියේ ලකුණු 27 ක් පමණි.


එංගලන්ත පළමු ඉනිම - කඩුලු 4 ක් දැවී 224
(සැක් ක්‍රොව්ලි 44, ඩොමිනික් සිබ්ලි 36, ජෝ ඩෙන්ලි 25, ජෝ රූට් 27, බෙන් ස්ටෝක්ස් නොදැවී 38, ඔලී පෝප් නොදැවී 39, කගිසෝ රබාඩා 48/2)

-036

 


අදහස් (0)

ස්ටෝක්ස් - පෝප් එංගලන්ත පිල ඇදගෙන යති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.