විස්තර සැකසුම - ශානුක අරවින්ද
...................................................................................................................................................
මෙම තරගය අත්හැර දැමීමෙන් පසු නවතම තත්වය අනුව ශ්‍රී ලංකාව ලකුණු 4 ක් ලබා ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයටත්, බංග්ලාදේශය ලකුණු 3 ක් ලබා එහි 7 වැනි ස්ථානයටත් පත්ව සිටිති.
...................................................................................................................................................
පස්වරු 6.30
හතරේ සීමාව අසල දැඩි ලෙස තෙත බරිතව පැවතීම නිසා තරගය අත්හැර දැමීමට විනිසුරුවෝ තීරණය කරති. ඒ අනුව කණ්ඩායම් දෙකටම එක් ලකුණ බැගින් හිමිවනු ඇත.
...................................................................................................................................................
පස්වරු 6.20
වර්ෂාව නිමා වී ඇති බැවින් විනිසුරුවෝ යළිත් ක්‍රීඩාංගණය පරික්ෂාවට ලක්කරති. ක්‍රීඩාංගණයේ පිළිසකර කරන්නන් ඉතාමත් ක්‍රියාශීලි අයුරින් සිය කාර්යයන් ඉටුකරන අයුරු දක්නට ලැබේ.
...................................................................................................................................................
පස්වරු 5.30
ඉනිමක් ඕවර 20 කට අඩු කරමින් තරගය පැවැත්වීමට පස්වරු 8.45 දක්වා කාලය ඇති බැවින් වර්ෂාව නතර වන තුරු තවදුරටත් බලා සිටීමට විනිසුරුවෝ තීරණය කරති.
...................................................................................................................................................
පස්වරු 4.50
දිගින් දිගටම වර්ෂාව ඇද හැළීම හේතුවෙන් ක්‍රීඩාංගණය පරික්ෂා කිරීමට නොහැකි වෙයි. තරගය අත්හැර දැමීම සම්බන්ධයෙන් විනිසුරුවෝ කණ්ඩායම් නායකයන් සමග සාකච්ඡා කරති.
...................................................................................................................................................
ඉදිරි දින කිහිපය පුරා එංගලන්තයට දිගින් දිගටම වැසි ඇද හැළෙන බවත්, ඇතැම් විට ගංවතුරකට සූදානම් වීමට පවා සිදුවනු ඇති බවත් එරට ඩේලි එක්ස්ප්‍රස් පුවත්පත සඳහන් කරයි.
...................................................................................................................................................
අබාධ වලට ලක්වීම හේතුවෙන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක මාකස් ස්ටොයිනිස්ට පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගයද, ඉන්දීය කණ්ඩායමේ ආරම්භක පිතිකරු ශිකර් ධවාන්ට නවසීලන්තයට සහ පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන තරගද අහිමි වනු ඇතැයි වාර්තා වේ.
...................................................................................................................................................
පස්වරු 3.55
ක්‍රීඩාංගණයට යළිත් පොද වැස්ස ඇද හැළෙයි. පරික්ෂා කිරීම නවතා විනිසුරුවෝ ක්‍රීඩාංගණයෙන් ඉවතට යති. තවත් විනාඩි 50 කින් පමණ පසු නැවතත් ක්‍රීඩාංගණය පරික්ෂාවට ලක් කිරීමට නියමිතය.

...................................................................................................................................................
පස්වරු 3.50
මේ වන විට වර්ෂාව නතර වී ඇති බැවින් විනිසුරුවෝ පිටතට පැමිණ ක්‍රීඩාංගණය පරික්ෂාවට ලක්කරති.
...................................................................................................................................................
පස්වරු 3.15
නොනවත්වාම වර්ෂාව ඇද හැළීම හේතුවෙන් විනිසුරුවෝ ක්‍රීඩාංගණය පරික්ෂා කිරීම කල්දමති.
...................................................................................................................................................
පස්වරු 2.30
වර්ෂාව ඇද හැලීම හේතුවෙන් කාසියේ වාසිය උරගා බැලීම තරමක් පමා වෙයි. තවත් විනාඩි 50 කින් පමණ විනිසුරුවන් ක්‍රීඩාංගණය පරික්ෂා කිරීමට නියමිතය.

...................................................................................................................................................
සුලගිල්ලේ ආබාධයකට ලක්ව සිටින නුවන් ප්‍රදීප් අද තරගයට ක්‍රීඩා නොකරන අතර සිය නැන්දනියගේ අවමගුල් උත්සවයට සහභාගි වීම සඳහා ලසිත් මාලිංග අද තරගයෙන් අනතුරුව යළිත් දිවයින බලා පැමිණීමට නියමිතය.
කෙසේ වුවත් අවමගුල් උත්සවයට සහභාගි වීමෙන් අනතුරුව ඔහු ඕස්ට්‍රේලියාවට එරෙහිව පැවැත්වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ මීලඟ තරගයට සහභාගි වීම සඳහා යළිත් එංගලන්තය බලා පිටත්ව යෑමට නියමිතය.
...................................................................................................................................................
පස්වරු 2.15
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගය ලෙස ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර අද (11 වැනිදා) බ්‍රිස්ටල්හිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය උරගා බැලීමට සියල්ල සූදානම්.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.