Last Update  :  2024-04-23 16:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket වි-20 ලෝක කුසලාන තරගාවලියේ තීන්දුව 1 වැනිදා

වි-20 ලෝක කුසලාන තරගාවලියේ තීන්දුව 1 වැනිදා

editorial - 2021 මැයි මස 27 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී පැවැත්වීමට නියමිත විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මේ මස 29 වැනිදා විශේෂ මහ සභා රැස්වීමක් කැඳවා ඇත. ඉන්දියාවේ පවතින වසංගත තත්ත්වය සැලකිල්ලට ගෙන එළඹෙන ක්‍රිකට් සමය පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වෙන බව රැස්වීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේයි ෂා විසින් යවන ලද නිවේදනයේ සඳහන් වේ.

 

අන්තර් ජාතික ක්‍රිකට් සභාව සහ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අතර ජූනි මස 1 වැනිදා ලෝක කුසලාන තරගාවලිය සම්බන්ධයෙන් රැස්වීමක් පැවැත්වීමට නියමිතය. එම රැස්වීමට පෙර ලෝක කුසලාන තරගාවලිය සංවිධානය කරන ආකරය පිළිබඳව අවසන් තීරණයක් ගැනීම සඳහා ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙම විශේෂ මහ සභා රැස්වීම කැඳවා තිබේ.

 

මේ වන විට දෙවැනි කොරෝනා රැල්ල ඉන්දියාව පුරා දරුණු ලෙස පැතිරයමින් තිබීම හේතුවෙන් විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීම පිළිබඳව බරපතල සැක මතුවී තිබේ. ‍අප්‍රේල් මස මුලදී ආරම්භ වූ මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියද කොරෝනා වසංගතයේ බලපෑම හමුවේ අතරමඟ නතර කර දැමීමට සිදුවිය.

 

මින් පෙර පැවති රැස්වීමකදී ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය ලෝක කුසලාන තරගාවලිය පැවැත්වීම සඳහා ප්‍රධාන නගර 9 ක ක්‍රීඩාංගණ ලැයිස්තුගත කර තිබිණ. අහමදාබාද්, බෙන්ගලාරු, චෙන්නායි, දිල්ලිය, ධරම්ශාලා, හයිද්‍රාබාද්, කොල්කටා, ලක්නව් සහ මුම්බායි ඒ නගර විය.  කෙසේ වුවත් පවතින තත්ත්වය යටතේ තරගාවලිය ඉන්දියාවේදී පැවැත්වීමට නොහැකි වුවහොත් එක්සත් ආරාබි එමීර් රාජය්‍යය ඒ සඳහා පළමු විකල්පය වනු ඇත.

 

-036


අදහස් (0)

වි-20 ලෝක කුසලාන තරගාවලියේ තීන්දුව 1 වැනිදා

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.