Last Update  :  2024-03-28 23:35:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket රූට් එංගලන්ත ඉනිම ගොඩනගයි

රූට් එංගලන්ත ඉනිම ගොඩනගයි

editorial - 2019 සැප් මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සත්කාර එංගලන්තය සහ ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළුබඳුන ක්‍රිකට් තරගාවලියේ පස්වැනි තරගය අද (12 වැනිදා) ආරම්භවූ අතර පළමු දින තේ පානය සඳහා තරගය නතර කරනවිට කඩුලු 3 ක් දැවී ලකුණු 169 ක් රැස්කිරීමට එංගලන්තය සමත්විය.

ජෝ රූට් ලකුණු 57 ක් සහ ජොනී බෙයාර්ස්ටෝ ලකුණු 22 ක් රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටින අතර තේ පානයට තරගය නතර කරනවිට ඔවුන් දෙදෙනා එක්ව සිවුවැනි කඩුල්ල සඳහා ලකුණු 39 ක සම්බන්ධතාවයක්ද ගොඩනැගූහ.

එංගලන්ත ලකුණු පුවරුව 27 ක් වනවිට පළමු කඩුල්ල ලෙස ජෝ ඩෙන්ලි පිටියෙන් ඉවත් කිරීමට පැට්‍රික් කමින්ස් සමත්විය. ස්ටීවන් ස්මිත් අතට උඩපන්දුවක් දෙමින් ජෝ ඩෙන්ල දැවීයන විට ඔහුට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 14 ක් පමණි. මෙවර අළුබඳුන තරගාවලියේ ඉනිම 9 ක් තුල ඔහුට රැස්කිරීමට හැකිවූයේ ලකුණු 218 ක් පමණී.

ජෝ රූට් සමගින් එක්ව දෙවැනි කඩුල්ල සඳහා ලකුණු 76 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමට ආරම්භක පිතිකරු රොරී බර්න්ස් සමත්වූ අතර ජොෂ් හේසල්වුඞ්ගේ පන්දුවකට මිචෙල් මාෂ් අතට උඩපන්දුවක් ලබාදීම හේතුවෙන් ඔහුගේ ඉනිම ලකුණු 47 කට සීමාවිය.

දැවී ගිය කඩුලු 3 ජොෂ් හේසල්වුඞ්, පැටි්‍රක් කමින්ස් සහ මිචෙල් මාෂ් අතර බෙදී ගියහ.


එංගලන්ත පළමු ඉනිම - කඩුලු 3 ක් දැවී 169
(රොරී බර්න්ස් 47, ජෝ රූට් නොදැවී 57, බෙන් ස්ටෝක්ස් 20, ජොනී බෙයාර්ස්ටෝ නොදැවී 22 )

...


අදහස් (0)

රූට් එංගලන්ත ඉනිම ගොඩනගයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.