Last Update  :  2024-04-19 23:30:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket මැතිව්ස් තේරීම් කමිටුවේ කතුරට හසුවෙයි

මැතිව්ස් තේරීම් කමිටුවේ කතුරට හසුවෙයි

යොහාන් භාසුර - 2019 අගෝ මස 20 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

නවසීලන්තයට එරෙහිව ලබන සැප්තැම්බර් මස 1 වැනිදා පල්ළෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තරග තුනකින් සමන්විත විස්සයි20 තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ ජ්‍යෙෂ්ඨතම පිතිකරු වන ඇන්ජලෝ මැතිව්ස් විවේක ගන්වා ඇතැයි තේරීම් කමිටුව කියයි. 

මෙම තරගාවලිය සඳහා 24 දෙනකුගෙන් යුත් මූලික සංචිතයක් නම් කර ඇති අතර එම සංචිතයට ඇන්ජලෝ මැතිව්ස් ඇතුළත්ව නැත. 

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් තේරීම් කමිටු සාමාජිකයකු ‘ලංකාදීප’ කළ විමසුමකදී පැවසුවේ මැතිව්ස් මෙම විස්සයි20 තරගාවලියෙන් විවේක ගැන්වූ බවයි.

“මැතිව්ස්ව පරිස්සමට ක්‍රීඩා කරවන්න ඕනේ. ඔහුට වැඩි බරක් දාන්න නරකයි. ඒ නිසා අපි මේ විස්සයි20 තරගාවලියෙන් ඔහුව එළියෙන් තිබ්බා” යැයි එම නිලධාරියා වැඩි දුරටත් පැවසීය. 

තේරීම් කමිටු නිලධාරියා එසේ කීවද ඇන්ජලෝ මැතිව්ස් ගාල්ලේදී පැවැති ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී විනාඩි 136 ක් කඩුල්ලේ රැඳෙමින් ලකුණු 50 ක් ලබාගත් අතර දෙවැනි ඉනිමේදී විනාඩි 115 ක් කඩුල්ලේ රැඳෙමින් නොදැවි ලකුණු 28 ක්ද ලබාගනිමින් ශ්‍රී ලංකා ජයග්‍රහනයේ නියමුවා විය. එහෙත් විස්සයි20 තරගයක සම්පූර්ණ ඉනිමක කාලය වන්නේද විනාඩි 85 කි. 

ශ්‍රී ලංකා විස්සයි20 කණ්ඩායමට මේ දක්වා නායකයකු පත්කරනොමැති අතර එහි නායකත්වයට ක්‍රීඩකයන් කීපදෙනකු අතර සීතල යුද්ධයක් නිර්මාණ වී ඇති බව කණ්ඩායම් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි. 

මාලිංග නායකත්වයට පත්නොකරන ලෙස ඇතැම් ක්‍රීඩකයන් මේ වන විටත් ඉහළ ක්‍රීඩා බලධාරීන්ට දැනුවත් කර ඇති බව වාර්තා වේ.  

ලසිත් මාලිංග එක්දින පිටියෙන් සමුගත් දිනයේ පැවසුවේ තමන්ට විස්සයි20 පිලේ නායකත්වයේ කටයුතු කරන ලෙස තේරීම් කමිටුව පැවසූ බවයි. කෙසේ වෙතත් තේරීම් කමිටුව පවසන්නේ මේ දක්වා විස්සයි20 නායකයකු පත්කර නොමැති බවයි. 

විස්සයි20 පිලේ නායකත්වයට කුසල් පෙරේරා හෝ නිරෝෂන් දික්වැල්ල පත්කිරීමට මේ වන විට අවදානය යොමු වී ඇති බව ද වාර්තා වේ. 

 


අදහස් (1)

මැතිව්ස් තේරීම් කමිටුවේ කතුරට හසුවෙයි
  • Nimesh Wednesday, 21 August 2019 02:07 AM

    ඉතාම හොඳ තීරණයක් ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.