Last Update  :  2024-03-28 20:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Cricket චෙන්නායි මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවතට

චෙන්නායි මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවතට

editorial - 2020 ඔක් මස 26 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

 
ඉන්දියන් ප්‍රීමියර් ලීග් තරගාවලියේ ඉරිදා (25 වැනිදා) අබුඩාබිහිදී පැවැති තරගයකදී රාජස්ථාන් රෝයල්ස් පිල විසින් මුම්බායි ඉන්දියන්ස් පිල කඩුලු 8 කින් පරාජයට පත් කිරීමත් සමගින් තෙවරක් ශූරයන් වූ චෙන්නායි සුපර් කිංග්ස් පිලට වසර 13 කට පසු ප්‍රථම වතාවට මූලික වටයෙන් ඉවත්වීමට සිදුවිය. ඒ අනුව මෙවර තරගාවලියෙන් මුලින්ම ඉවත්වූ කණ්ඩායම බවට චෙන්නායි පිල පත්විය.

මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි කණ්ඩායම 2008 දී තරගාවලිය ආරම්භ වූ දා සිට සහභාගී වූ සෑම අයි.පී.එල්. තරගාවලි 10 දීම කඩයිම් තරග සඳහා සුදුසුකම් ලබාගනු ලබාගත්තේය. ඉරිදා (25 වැනිදා) මුලින්ම පැවැති තරගයේදී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් පිලට එරෙහිව කඩුලු 8 ක ජයක් වාර්තා කිරීමත් චෙන්නායි පිලට කඩයිම් තරග සඳහා සුදුසුකම් ලබාගැනීමට තරමක බලාපොරොත්තුවක් ඇති වුවද රාජස්ථාන් පිල ඊට පසුව පැවැති තරගය ජය ගැනීමත් සමගින් එම බලාපොරොත්තුව අවසන් විය.

බැංගලෝර් පිලට එරෙහිව ලැබූ ජයග්‍රහණය සමගින් චෙන්නායි පිල තරඟ 12 කින් තරග 4 ක් පමණක් ජයගනිමින් ලකුණු 8 ක් ලබා ගත් නමුත් ඉතිරි තරග දෙකත් ජයගත්තද ඔවුන්ට ලබා ගත හැක්කේ උපරිම ලකුණු 12 ක් පමණි. එහෙත් ඔවුන්ගේ අවසන් තරඟ දෙක ජයග්‍රහණය කළද කඩයිම් තරග සඳහා සුදුසුකම් ලබාගැනීමට ප්‍රසාද ලකුණු 12 ක් ප්‍රමාණවත් නොවේ.

මේ වනවිට මුම්බායි ඉන්දියන්ස්, දිල්ලි කැපිටල්ස් සහ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම් ප්‍රසාද ලකුණු සටහනේ ලකුණූ 14 බැගින් ලබාගෙන සිටිති. කොල්කටා නයිට් රයිඩර්ස් පිල ප්‍රසාද ලකුණු 12 ක් ලබා සිටින අතර කිංග්ස් ඞෂ පන්ජාබ් සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම් ප්‍රසාද ලකුණු 10 බැගින් ලබාගෙන ඇත.

“අපට කඩයිම් තරග සඳහා පිවිසීමට අවස්ථාවක් නෑ, එහි ගණිතමය කොටස අත්හරින්න” යැයි බැංගලෝර් පිල පරාජය කිරීමෙන් පසුව චෙන්නායි නායක දෝනි කියා තිබේ.

”ඔබ මෙහි කොතැනක සිටියත් ක්‍රීඩාව රස විඳිය යුතුයි. ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට රසවිදින්නේ නැති නම් එය කටුක සහ වේදනාකාරී විය හැකිය. එබැවින් තරුණයින් ප්‍රතිචාර දැක්වූ ආකාරය ගැන මම සතුටු වෙනවා.”

වසර දෙකකට පෙර 2018 දී ශූරතාව දිනා ගැනීමට පෙර ඔවුන් 2010 සහ 2011 දී වසර වලදී පිට පිට ශූරතාව දිනා ඇත. පස් වතාවක් අනුශූරයන් බවටද පත්වී තිබේ.
 
 
- 2079
 

 


අදහස් (0)

චෙන්නායි මූලික වටයෙන්ම තරගාවලියෙන් ඉවතට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.