Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_13_cricket ශාන්ත පීතර විදුහල අවසන් පූර්ව වටයට

ශාන්ත පීතර විදුහල අවසන් පූර්ව වටයට

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට කොළඹ ශාන්ත පීතර විදුහල සමත් විය.

මහනුවර ත්‍රිත්ව විදුහලට එරෙහිව කුරුණෑගල මලියදේව ක්‍රීඩාංගණයේදී පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ලබාගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුව ශාන්ත පීතර විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

එහිදී චමිඳු පෙරේරා (82) සහ ඉසිර ආයුපාල (58) ශාන්ත පීතර විදුහල වෙනුවෙන් අර්ධ ශතක ලබාගැනීමට සමත් වූහ.


ශාන්ත පීතර විදුහල් පළමු ඉනිම - ඕවර 85.4 කදී කඩුලු 7 ක් දැවී 259   
(චමිඳු පෙරේරා 82, ඉසිර ආයුපාල 58, නිතේෂ් ප්‍රනාන්දු 27, අනූප ගුණරත්න 23, සරිත් ගාල්ලගේ 21, මලිත් රත්නායක 66/2, තිසුම් රාජරත්න 46/2)

මහනුවර ත්‍රිත්ව විදුහල් පළමු ඉනිම - ඕවර 19 කදී කඩුලු 2 ක් දැවී 99      
(ජනිත් රවිෂ්ක 42, යෙවින් හුලංගමුව නොදැවී 41)

-036

 


අදහස් (0)

ශාන්ත පීතර විදුහල අවසන් පූර්ව වටයට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.