Last Update  :  2024-05-15 21:40:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව u_13_cricket වේල්ස් කුමරුවෝ අවසන් පූර්ව වටයට එති

වේල්ස් කුමරුවෝ අවසන් පූර්ව වටයට එති

සංජය එරමුදුගොඩ - 2019 ජන මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අන්තර් පාසල් වයස 13 න් පහළ ‘සිංගර් කුසලාන’ ක්‍රිකට් තරගාවලියේ I කොටසේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගැනීමට මොරටුව වේල්ස් කුමර විදුහල සමත් විය.

ගාල්ල මහින්ද විදුහලට එරෙහිව පැවැති අර්ධ අවසන් පූර්ව වටයේ තරගයකදී ලබාගත් ප්‍රසාද ලකුණු සංඛ්‍යාව අනුව වේල්ස් කුමර විදුහල අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය.

එහිදී වේල්ස් කුමර විදුහල වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිතර වූ අචල පෙරේරා ලකුණු 49 කට කඩුලු 4 ක් දවාගත්තේය.


මහින්ද විදුහල් පළමු ඉනිම - ඕවර 83.1 කදී කඩුලු 8 ක් දැවී 176
(බනුජ දුල්නාත් නොදැවී 47, සෙනුක දංගමුව 31, බිනුර කලුපහන 25, අචල පෙරේරා 49/4, රුසිරු ප්‍රනාන්දු 26/2)

වේල්ස් කුමර විදුහල් පළමු ඉනිම - ඕවර 31 කදී කිසිවකු නොදැවී 74      
(රුවිත් ජයසූරිය නොදැවී 29, තෙනුල් ද සිල්වා නොදැවී 25)


-036

 


අදහස් (0)

වේල්ස් කුමරුවෝ අවසන් පූර්ව වටයට එති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.